IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


කළු සල්ලි සුදු කළැයි කපුවා කෝටි 33ක් සමග මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින "ලොකු පැටී" නමැත්තාගේ මුදල් පාලන කටයුතු බාරව කටයුතු කරමින් සිටි ගන්දර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපු මහතකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ඔහුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 33 ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැකකරු ලොකු පැටී නැමැත්තා සමග දැඩි සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

බෙලරෑස් රාජ්‍යයේ දී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති ලොකු පැටී නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

 



අදහස් (2)

කළු සල්ලි සුදු කළැයි කපුවා කෝටි 33ක් සමග මාට්ටු

පිටිගල මිලානෝ Friday, 17 October 2025 04:59 AM

අයියේ අපි ඉවරායි…!

:       0       8

Nihal Dharmatileke Friday, 17 October 2025 01:56 PM

කපුවා කපෝති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1006 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site