(අංජුල මහික වීරරත්න)
හරක් මස්,කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා කසල මැස්සකුගේ කීටයකු යොදාගෙන පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර තිබේ.
කැළි කසල ආශ්‍රිතව වාසය කරන මැස්සන් විශේෂයක් වන කළු සොල්දාදුවා (Black Soldier Fly) නැමැති මැස්සාගේ කීටයින්ගෙන් මෙම පෝෂණ අතිරේකය සකසනු ලබයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඒ. ඩබ්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් මෙම නව සොයාගැනීම කර ඇත.
ඉවත ලන ඉඳුල් ආහාර මෙන්ම වෙළෙඳ පොළෙන් බැහැර කෙරෙන එළවළු හා පලතුරු වලින් පල්පයක් සකස් කොට ඒවායේ වර්ධනය වන මැස්සන්ගේ කීටයන්ගෙන් නිෂ්පාදනය කරන මෙම පෝෂණ අතිරේකය සතුන්ට ආහාර පිණිස ලබාදීමෙන් එම මාංශවල මෙන්ම කිරිවල ප්‍රෝටීන වර්ධනය වන බව අනාවරණය කරගෙන තිබේ.
මෙම පර්යේෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අදාළ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු සහයෝගය දීමට සූදානම් අතර ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යාමේ වගකීම පශු සම්පත් අංශයට පවරන බවයි.
මෙය කැලි කසල ප්‍රශ්නයටද විසදුමක් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු සොල්දාදුවා ජාතියට ප්‍රෝටීන් දෙන්න පෙරමුණට එයි
Ahmed (Gulf) Wednesday, 17 January 2024 12:28 AM
සත්තුන්ට අපද්‍රව්‍ය ඔක්කොම දීලා UK වල MAD COW ලෙඩේ ආවා, දැන් මේ අලුත් කුණු හරක්ට කන්න දෙන්න පටන් ගන්නවා .එළකිරි එකෙන් මොන ලෙඩක් එනවද කියලා දෙයියෝ විතරයි දන්නේ.
Black Soldier Wednesday, 17 January 2024 10:55 AM
කරන මගුලක් හරියට test කරලා කරපල්ලා. නැත්තන් කලු සොල්දාදුවා අරී