(අංජුල මහික වීරරත්න)
හරක් මස්,කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා කසල මැස්සකුගේ කීටයකු යොදාගෙන පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර තිබේ.
කැළි කසල ආශ්‍රිතව වාසය කරන මැස්සන් විශේෂයක් වන කළු සොල්දාදුවා (Black Soldier Fly) නැමැති මැස්සාගේ කීටයින්ගෙන් මෙම පෝෂණ අතිරේකය සකසනු ලබයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඒ. ඩබ්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් මෙම නව සොයාගැනීම කර ඇත.
ඉවත ලන ඉඳුල් ආහාර මෙන්ම වෙළෙඳ පොළෙන් බැහැර කෙරෙන එළවළු හා පලතුරු වලින් පල්පයක් සකස් කොට ඒවායේ වර්ධනය වන මැස්සන්ගේ කීටයන්ගෙන් නිෂ්පාදනය කරන මෙම පෝෂණ අතිරේකය සතුන්ට ආහාර පිණිස ලබාදීමෙන් එම මාංශවල මෙන්ම කිරිවල ප්‍රෝටීන වර්ධනය වන බව අනාවරණය කරගෙන තිබේ.
මෙම පර්යේෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අදාළ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු සහයෝගය දීමට සූදානම් අතර ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යාමේ වගකීම පශු සම්පත් අංශයට පවරන බවයි.
මෙය කැලි කසල ප්‍රශ්නයටද විසදුමක් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුන්ට අපද්‍රව්‍ය ඔක්කොම දීලා UK වල MAD COW ලෙඩේ ආවා, දැන් මේ අලුත් කුණු හරක්ට කන්න දෙන්න පටන් ගන්නවා .එළකිරි එකෙන් මොන ලෙඩක් එනවද කියලා දෙයියෝ විතරයි දන්නේ.
කරන මගුලක් හරියට test කරලා කරපල්ලා. නැත්තන් කලු සොල්දාදුවා අරී