මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට රැඳී සිටි කාන්තාවකට මත් ද්‍රව්‍යයක් කලවම් කළ කොළකැඳ පානය කිරීමට දී සිහි නැති වූ පසු ඇයගේ රන් ආභරණ ගලවාගෙන නාඳුනන කාන්තාවක  පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

මෙම කාන්තාව  මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන තම සැමියා බැලීමට පැමිණ රෝගීන් බැලීමේ වේලාව පැමිණෙන තෙක් ඒ අසල තිබූ බංකුවක වාඩි වී සිට ඇතැයි පොලිසිය කියයි.

ඒ අතර එහි වඩි වී සිටි තවත් කාන්තාවක සමග ඇය කතා කර හිතවත් වී ඇය රැගෙන ආ කොළ කැඳ පානය කිරීමට දී ඇති අතර පසුව ඇය සිහිසුන් වී  ඇත. සිහිය පැමිණි අවස්ථාවේ ඇය සතු රන් ආභරණ මුදල් පසුවබි අතුරුදන්ව බව දැගෙන තිබේ.