IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය කතානායකට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිවසමගි ජන බලවේගය විසින්  අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද (21) බාර දුන්නේය.

මෙම යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබුවේ  සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්වරුන් විසිනි.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකු
අත්සන් තබා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවට  මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා නගා ඇත.

දිවයිනේ විවිධ රෝහල්වලදී පසුගිය දිනවල සිදු වූ පුද්ගලයන් කිහිප දෙනකුගේ හදිසි මරණ සම්බන්ධයෙන්ද  රටේ ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවිය. මේ සම්බන්ධයෙන්ද  විපක්ෂයේ මන්ත්‍රීවරු සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ  විපක්ෂයේ ඕනෑම  විරෝධයකට මුහුණදීමට  සූදානම් බවයි.



අදහස් (5)

කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය කතානායකට

Demuni Uduwara Friday, 21 July 2023 05:53 PM

කෙහෙළිය විතරක් නෙවෙයි, රනිල් ඇතුළු රජයම ගෙදර යැවිය යුතුයි...!

:       3       3

Nimal Friday, 21 July 2023 07:45 PM

මෙහෙම දේකදී පින්තූරත් ගහනවද? කතානායක කියන්නේ මේ වගේ නෝන්ජල් වෙන කෙනෙක් නේද?

:       0       0

ගමේ එකාලා Friday, 21 July 2023 09:02 PM

විශ්වාස භංගයක් ගෙනාවා කියලා වැඩක් වෙන එකක් නැහැ.

:       0       1

Saththaya Friday, 21 July 2023 10:10 PM

රට බංකොළොත්, ජනතාව හාමතේ, මේගොල්ලෝ මෝඩ චූන්... තවමත් පරණ ක්‍රමයට හැමදාම බලය ඇල්ලීමේ ක්‍රියාවලියක ඉන්න බහුබුතයින්...!

:       0       1

Bunny Preena Saturday, 22 July 2023 10:01 AM

කතානායක විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site