
(රෝෂන් තුෂාර)
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර යන අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැකකරු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයන් බඳවා ගනිමින් ,ඔවුන්ට වැටුප් ලෙස රජයෙන් ගෙවූ මුදල් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් සිය පුද්ගලික පරිහරණයට යොදා ගනිමින්,රජයට පාඩුවක් කළැයි අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.


(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලා වෙරි වෙලා ගුවන් යානයේ දොර අරින්ඩ ගිහින් මහා විනාශයක් කරන්ඩ හැදුවා. එවකට හිටපු නිමල් සිරිපාල කිව්වේ කොලු කමට කරපු වැඩක්ලූ.
සාමාන්‍යයෙන් තාත්තලා පුතාලට උපදෙස් දෙන්නේ හොද මිනිහෙක් වෙයන් කියලා, හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා අනුන්ට කරදරයක් වෙන්න එපා කියලා ! ඒකට මේ දේශපාලන තාත්තලා උන්ගේ පුත්තු හදලා තියෙන්නේම හොරකමට දූෂණයට හා වංචාවලට පුරුදු පුහුණු කරලා.
මොහු වරක් ගුවන්යානයකින් යනකොට, එකෙ දොරට මුත්‍ර කරා වගේ මතකයක් තියෙනවා.
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ නවකයින්ටත් ඉඩ ලැබීම ගැන අපගේ බලවත් සතුට ප්‍රකාශ කරනවා… ජයවේවා…!
ලංකාවේ බයියන්ට හොඳයි මෙවැනි ආණ්ඩු තමයි. කෝ අපේ ගුණරත්න ගොයියා...
කෙහෙල් ඇවරියම රිමාන්ඩ් වෙයි වගේ...!
මේ පුතාට හොර තාත්තාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම වැඩක් නොකර ඉලක්කම් 5 ක වැටුපක් ලැබීම මොනතරම් වාසනාවක්? NPP බලයට පත් නොවුණා නම් මේ හිටපු හොර තක්කඩි ඇමැතියෝ මුළු රටම හොරා කාලා නැත්තටම නැති කරනවා.
SSC එකේ ක්‍රිකට් ගහන ගමන් රජයේ පඩි ගත්තේ කොහොමද? SSC, ජාතික කණ්ඩායමට ඔළුව දැම්මේ තාත්තා හින්දා තමයි.
අහස් යන්තරේ අරෙගන පනින්න ගියා වගේද මේ ජරමෙර්? කවුද හිතුවේ
මේ ලක්ෂ අසූව ගන්න ලක්ෂ කියක් වියදම් වේවිද...නඩු වාරයකට යන රජයේ බදු මුදල් වියදම ගැන නිකමටවත් හිතුවද.. අනෙක් රිමාන්ඩ් වියදම්.. බදු මුදලින් නොමිලේ කෑම වෙෙද්‍ය ප්‍රතිකාර...රට අන්දවනව කියන්නෙ මේවට. රට ගොඩ යයි ද..
රදල පවුලක් මෙසේ හොරා කාපු තරම් නම් , බ්‍යිසිකලේ ආපු මහින්නදයා කොහොම හොරා කන්න දා මන්දා මන්දා
සිවිල් ක්‍රියාකාරින් කීප දෙනෙක් මැදිහත් වෙලා කෙහෙළියට විරුද්ධව නඩු දුන්නේ නැත්නම් කෙහෙළිය තමාත් යහතින් ඉන්නවා .එක ඇමති කෙනෙකුට හරි දඩුවම් ලැබුණේ ඒ අය නිසා.
උගෙ ඇගෙයි රටේ සාමාන්‍ය තරුනයින්ගෙ ඇගෙයි වෙනස, සමානාත්මතාවය කෙතරම් කඩ වෙලාද කියලා මැනවින් නිරූපණය කරනවා.
වරිගයේ ගති වැඩිදියුණු කල වරදට වන්දි ගෙවීම....
කොහොමද කෑම.....
අප්පටයි පුතාටයි දෙන්න පුළුවන් උපරිම දඬුවම දිය යුතුයි... රට විනාශ කරපු හැතිකරයට
පරීක්ෂා නොකළ බහාලුම් 325ක් මුදා හැරීම, 65ක ආන්තිකයක් සහිත සහල් ආනයනය කිරීම සහ චෝදනා එල්ල වන පරිදි සමහර NPP අමාත්‍යවරුන්ට ප්‍රතිපාදනය හරවා යැවීම සහ ලුණු ආනයනය කිරීම සම්බන්ධයෙන් ද එය එසේම වේ.