
(මනෝප්‍රිය ගුණසේකර)
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 80කට අධික පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (07) නියම කළාය.
සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියම කළාය.
සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (07) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවට අලියට ඡන්දය දුන් ජනයා කෙහෙළිය නැති සොවින් වැළපෙති...
රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු කැබිනට් ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?
කිසි දිනක ශිෂ්ඨ සමාජයක් තුළ නිදහසේ ගැවසීමට ඉඩ නොදිය යුතු පුද්ගලයෙකි.
බාල බෙහෙත් දීලා අහින්සක ලෙඩ්ඩු මරවපු එකා, හරිනම් සදහටම හිරේ දාන්ඩයි තියෙන්නේ?
ඔබේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන් බඳවා ගැනීමට නීතිමය බාධා තිබේද? මට එය සදාචාරාත්මක ගැටලුවක් ලෙස දැකිය හැකිය.
මාලිමා රජයක් යටතේ හොරා කන්න බැරි නිසා දැන් රට හෝදයි.රාජපක්ෂ පාළන යුගයේ රාජපක්ෂ පවුල ඇතුළු මැති ඇමැතිවරු කෙහෙළිය ඇතුළු සනුහරේම රට හොරා කාල හොර බෙහෙත් වර්ග දීලා මිනිස්සු මරල රට පොළොවට සමතලා කරලා බංකොලොත් කරලම නැත්තටම නැති කලා.දැනුවත් අපි මාලිමා රජයෙන් ඉල්ලා සිටිනවා මේ හොරු අල්ලා හිරේ දාලා නිසි දඬුවම් ලබා දෙන්න කියලා.