IMG-LOGO

කෙහෙළිය රිමාන්ඩි

(මනෝප්‍රිය ගුණසේකර)

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 80කට අධික පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (07) නියම කළාය.

සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියම කළාය.

සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද  (07) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළහ.



අදහස් (7)

කෙහෙළිය රිමාන්ඩි

Amda Wednesday, 07 May 2025 07:19 PM

පොහොට්ටුවට අලියට ඡන්දය දුන් ජනයා කෙහෙළිය නැති සොවින් වැළපෙති...

:       18       54

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 07:58 PM

රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු කැබිනට් ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?

:       10       44

ravin Wednesday, 07 May 2025 09:09 PM

කිසි දිනක ශිෂ්ඨ සමාජයක් තුළ නිදහසේ ගැවසීමට ඉඩ නොදිය යුතු පුද්ගලයෙකි.

:       1       8

ගමේ එකාලා Wednesday, 07 May 2025 09:57 PM

බාල බෙහෙත් දීලා අහින්සක ලෙඩ්ඩු මරවපු එකා, හරිනම් සදහටම හිරේ දාන්ඩයි තියෙන්නේ?

:       1       10

Sam Thursday, 08 May 2025 03:55 AM

ඔබේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන් බඳවා ගැනීමට නීතිමය බාධා තිබේද? මට එය සදාචාරාත්මක ගැටලුවක් ලෙස දැකිය හැකිය.

:       5       0

KeerthiThursday, 08 May 2025 04:41 PM

නීතියෙන් බාධාවක් නැහැ වුණත් මහෙමනේ වැඩේ... එවුන්දැලා වෙන මොනවා හරි රැකියාවක් කරන අතරේ ඇමැතිගේ වැඩ හිතවතුන් ආවම කරගන්නවා... වැඩක් නොකළත් නාම ලේඛනයේ ඇත්තන්ගේ පඩිය හා වාහන සහ ඉන්ධන ඇමැතිගේ ගෙදර යද්දී ගමන්වියදම්, අතිකාල දීමනා, බැංකු ගිණුම සතුටින් බාර ගන්නවා. වැරැද්ද හිතක්, පපුවක් නැති බැංකු ගිණුමේ තමයි සෑම්...

:       0       0

සංක Thursday, 08 May 2025 11:51 AM

මාලිමා රජයක් යටතේ හොරා කන්න බැරි නිසා දැන් රට හෝදයි.රාජපක්ෂ පාළන යුගයේ රාජපක්ෂ පවුල ඇතුළු මැති ඇමැතිවරු කෙහෙළිය ඇතුළු සනුහරේම රට හොරා කාල හොර බෙහෙත් වර්ග දීලා මිනිස්සු මරල රට පොළොවට සමතලා කරලා බංකොලොත් කරලම නැත්තටම නැති කලා.දැනුවත් අපි මාලිමා රජයෙන් ඉල්ලා සිටිනවා මේ හොරු අල්ලා හිරේ දාලා නිසි දඬුවම් ලබා දෙන්න කියලා.

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1483 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 540 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 608 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site