
(ලසන්ත නිරෝෂණ සහ ඩබ්ලිව්.ජේ.ඕපනායක)
කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සදහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් සැකය සැකකරු වෙත යොමූවිම නිසා බවත් ඒ නිසා සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය් විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීය.
රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිසිය හරියට සොයා නොබලා අහිංසක දුවණිය අත්අඩංගුවට අරගෙන ඇයට අපහාසයක් කළා කියලා හිතෙනවා... කාර්‍යාලයට පමාවෙලා ගියාලු යන්න විනාඩි හයයිලු... එන්න විනාඩි විස්සයි කියලා නටපු නැටිල්ලෙන් වාර්තා ලියපු දෙයින් ඇය දැඩිසේ පීඩාවට පත්කිරීම සිදුවුණා... ඇත්තටම ඇය දවසේ මැදදී වරුවක් වැඩ කර උදේ හා සවස නිවාඩු ගන්න ඇති... කොහොම වුණත් සිදුවූ අපහාසයට වන්දියක් ගෙවනවා නම් හොඳයි...
ලොව දරාගත නොහැකි පළමු පීඩනය, මව ඝාතනයට දරුවෙක් චෝදනා එල්ල වී අත්අඩංගුවට පත්වීම, ඇයට මුහුණ දීමට සිදුවූ දැරිය නොහැකි පීඩාව හරිම කණගාටුයි. පොලිසිවලට මේවා පාඩමකට ගත යුතුයි.. වන්දි දීලා කම්පනය සමාන කළ නොහැකියි...!
මේක තවත් පොලිස් ආටක නාටකයක් විතරයි කියලා මම මුලදිම කිව්වා...!
ලලිත් ඔයා ඉස්සර පොලිසියේද?
පොලිසිය කරපු වැඩේ බලන්න. ඒ අහිංසක දුවව මිනීමරුවා විදියට හංවඩු ගැහුවා. හොයන්නේ බලන්නේ නැතුව කරපු විනාසය. මෙහෙම පොලීසි මොකටද ලංකාවට...?
හරි අසාධාරණ වැඩ මේවා. අහිංසකයෝ මිනීමරුවෝ ලෙස සැක කරනවා පොඩි හේතු දක්වලා. දැන් මේ දුවට වෙච්චි අපහාසය, අපහසුතාවය. රිමාන්ඩ් එකේ දුක් විඳපුවාට මොකද කරන්නේ....?
මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරියගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදීද පොලිස් නිල සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි. මෙම ඝාතනයට අදාලව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති පවසයි. පොලිසිය හාවා වලහා කරනවා වගේ...
ඇත්තටම පොලිස් සුනඛයාත් වැඩේ වරද්දපු අවස්ථාවක් කියන්න පුළුවන් කමක් නැද්ද?
එකඟ වෙනවා...!
මේ වගේ අහිංසකයෝ කීදෙනෙක් නිරපරාදේ රිමාන්ඩ් කරලා ඇතිද?