
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවැත්වෙන විමර්ශනයකට අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා එලෙස පැමිණ ඇත.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණියක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ ඊයේ (18) හිටපු අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඇප මත මුදා හැර තිබිණි.
එනමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කෙළවෙනකම්, උමතුවෙන් වහසිබස් දොඩන ඩෝබිලා හැතිකරේ කෝ අද?
මේකත් හරියට අපේ අය පදිංචියට පිටරට යනවා වගේ වැඩක්. ගෘහමූලිකයා කලින් ගිහිල්ලා අවශ්‍ය දේවල් සූදානම් කරගෙන පස්සේ මුළු පවුලම ගෙන්වා ගන්නවා.
පවුල් පන්සල් පිටින් මෙහෙම රඹුක්වැල්ල පවුලම රක්ෂිත බන්ධනාගාරගත කරන්න වුනොත්, ඒකට තව වාට්ටු කිහිපයක් එකතු කරන්නත් වේවි කියා මගේ ආච්චි සීයාට කියනවා.