IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කැස්බෑව ප්‍රා.සභා ඡන්දය වළකන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට  ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ගොනු කොට තිබූ  රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට හෝ පෙත්සම් මඟින් ඉල්ලා සිටින සහන දීමට පදනමක් නොමැති යන පදනම මත පෙත්සම් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන,  ජනක් ද සිල්වා, සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණි.

සමගි ජන බලවේගය පක්‍ෂයෙන් කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු වන එම්.ටී. රත්නසිරි ප්‍රනාන්දු මහතා ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වී සිටින එස්. කේ.එල්. විලේකා ද අල්විස් ඇතුළු ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායම,  නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

දීර්ඝ කාලයක් කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටින තමන් මහජන සුබ සිද්ධිය සඳහා මෙම පෙත්සම ඉදිරිපත් කරන බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරඟ  කිරීමට ජාතික ජන බලවේගය පක්‍ෂය විසින් කැස්බෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරිනියක ලෙස 2024 ජුනි මාසයේ සිට 2025 මාර්තු මාසය තෙක් සේවය කළ එස්.කේ.එල්. විලේකා ද අල්විස් නමැත්තියගේ නම, නාම යෝජනා පත්‍රයේ ඇතුලත් කර ඇතැයි සඳහන කරන පෙත්සම්කරු මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වීමට පෙර වසරක කාලයක් තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සේවය කළ අයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභික තනතුරක් සඳහා තරග වැදීමට නුසුදුසු බව සඳහන් කර ඇතැයිද පෙන්වා දී ඇත.

එබැවින් ඇගේ නම අදාළ නාම යෝජනා පත්‍රයේ ඇතුලත් වීම නීතිවිරෝධී වන අතර ඒ හේතුවෙන් කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන බවද ඒ අනුව අදාළ නාම යෝජනා පත්‍රය නීති විරෝධී බවද කියා සිටින පෙත්සම්කරු ඒ අනුව අදාළ නාම යෝජනා  පත්‍රයේ  නම සඳහන් අපේක්ෂකයන්ට ඉදිරි මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද පෙත්සම් මගින් අභියෝගයට ලක් කර ඇති අපේක්ෂිකාව මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය මැතිවරණ පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ යුතු බවද දැනුම් දුන්නාය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මැතිවරණ නීතිය අනුව දේශපාලන  පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති නාම යෝජනා පත්‍රයේ  කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන අවස්ථාවක එම නාම යෝජනා පත්‍රය  නුසුදුසු වන බවත් මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වෙන දිනයට  පෙර වසරක කාලය තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සේවය කර ඇති අයකුට එම සභාවේ සභිකයකු ලෙස තරග කිරීමට ඉදිරිපත් විය නොහැකි බවත් පැවසීය.

කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය සම්බන්ධයේ නම සඳහන් අපේක්ෂිකාවක් එම ප්‍රාදේශීය සභාවේ සේවය කර ඇති අතර ඇය තරග කිරීමට නුසුදුසු වන බවත් එවැනි අවස්ථාවක අදාළ නාම යෝජනා පත්‍රයම ප්‍රතික්ෂේප කළ යුතු බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා තත්වය එසේ තිබියදී අදාළ නාම යෝජනා පත්‍රය භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව මෙම පෙත්සම් ගොනු කළේ යැයි සදහන් කළේය.

ඒ අවස්ථාවේදී ප්‍රශ්ණයක් මතු කළ විනිසුරු මඩුල්ල නාම යෝජනා පත්‍රය බාර දුන් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළේදැයි විමසීය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා තමන් විරෝධතා ඉදිරිපත් කළත් තේරීම් භාර නිලධාරීවරයා කිසිවක් නොකළ නිසා පෙත්සම ඉදිරිපත් කළේ යැයි කීය.

ඒ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ තේරීම්භාර නිලධාරීවරයාගේ අමාත්‍යමය කාර්යභාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව පැමිණිලි කළ නොහැකි බවය.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙන්වා දුන්නේ යම් අපේක්ෂකයකු යම්කිසි කරුණක් මත තරග කිරීමට නුසුදුසු වන්නේනම් මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් මඟින් එය  අභියෝගයට ලක් කළ හැකි බවය.

විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේ මැතිවරණ නීතිය අනුව යම් අපේක්ෂකයකු තේරී පත් වීමට නුසුදුසු නම් එය ඡන්ද පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ යුතු බව නඩු  තීන්දු සහ නීතිමය විධිවිධාන ඇති බව සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මැතිවරණ නීතිය අනුව කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බව පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විහාගට නොගෙනම ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

ජාතික ජන බලවේගය අපේක්‍ෂකයා වෙනුවෙන් පජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා සහ නීතීඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියහ.



අදහස් (2)

කැස්බෑව ප්‍රා.සභා ඡන්දය වළකන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි

ඉබ්බෑවා Monday, 28 April 2025 03:19 PM

ඉබ්බා, කැස්බෑවට පැරදුනා. රේස් එකේදි කැස්බෑවට නින්ද ගියේ නැත්තං ඒකෙනුත් ඉබ්බා පැරදෙනවා.

:       0       4

Not Monday, 28 April 2025 04:26 PM

ඡන්ද තියන්න විරුද්ධ වෙන්නේ වෙන කවුද කියලා රටම දන්නවා නේද?..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site