IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොස්තාපල්ට ලැබුණ තෑගී මුදල් අතරේ ව්‍යාජ නෝට්ටු

 

 

(ඉන්දිකා  රාමනායක)

බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අගයමින්  ලබා දී තිබූ පොලිස් ත්‍යාග මුදල් අතර ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන්    විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම බුද්ධි අංශ කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අතර ඔහු  2023  වසරේ කළ සේවය වෙනුවෙන් ඇගයීමකට ලක් කරමින්   පොලිස් දෙපාර්තමේන්තුවේ  පොලිස්   ත්‍යාග  මුදලින් ඔහුට රුපියල් 24,000 ක මුදලක් ඉකුත් (21);දින හිමිව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

මෙම මුදල ඉහත නිලධාරියාට ගෙවන ලෙසට මොරටුව මූලස්ථාන පොලිසියේ  ගෙවීම් අංශයේ රාජකාරි   කරමින් සිටි කොස්තාපල්වරයෙකු වෙත යොමු කර ඇති අතර,  එම කොස්තාපල්වරයා ඉකුත් 21 දින ඉහත මුදල වෙනත් කොස්තාපල්වරයෙකු අත බුද්ධි අංශ කොස්තාපල්වරයා වෙත ලබාදී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. 

එම මුදල ලබාගත්  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ කොස්තාපල්වරයා එය පරීක්ෂා කිරීමේදී  එහි ඇති රුපියල් 5000හේ මුදල් නෝට්ටු දෙකක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම පන්දාහේ නෝට්ටු දෙක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එය ව්‍යාජ නෝට්ටු දෙකක් බවට හෙළිවීමෙන් අනතුරුව  ගල්කිස්ස කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත සිද්ධිය පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන් මොරටුව  මුලස්ථාන පොලිසිය විමර්ශන.ආරම්භ  කරඇත

 

 

 



අදහස් (2)

කොස්තාපල්ට ලැබුණ තෑගී මුදල් අතරේ ව්‍යාජ නෝට්ටු

සචින්ත Sunday, 24 December 2023 01:57 PM

තෑග්ගක් දෙනවා නම් ඒක ගරුත්වයක් ඇතුව දෙන්න ඕනෑ.. මේක එහෙම නොකර බල්ලගේ වැඩේ බල්ලා නොකර බූරුවෙකුට දීලා වගේ තමයි කරලා තියෙන්නේ... සාමාන්‍යයෙන් ගෙවීමක් කරන නිලධාරි ගෙවීම නියමිත අයටම දීම කරන්න නියමිත වුණත් තෑග්ග තවත් කෙනෙක් අත තමයි යවලා තියෙන්නේ.. මෙයින් අපිට නම් පේනවා ත්‍යාගයක් ලැබීම ගැන අකැමැති පිරිසක් ඉන්නවා කියලා..

:       1       23

Rata Perata Sunday, 24 December 2023 02:07 PM

මෙන්න මේක තමයි නියම පොලිසිය... දැන් තියෙන කුඩු සංදර්ශනය දේශබන්දු පොලිස්පති වෙනකන් විතරයි.

:       5       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site