
(ටෝනි කරුණානායක)
කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7ක් සහ 8ක් වයසැති සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරු තිදෙනා ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි. මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටියදී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පිරිමි දරු දෙදෙනා කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බව පොලිසිය කීය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධ නිලධාරිනිය පොලීසියට කළ දැනුම්දීමක් මත මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්. කේ. රමනි මහත්මිය විසින් දරු තිදෙනා ඔවුන් බාරයට ගෙන මව රෝහල් ගත කිරීමට කටයුතු කළ පොලිසිය සඳහන් කළේය.
අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් වලට අපි සැමදෙනාම තමන්ට හැකි අයුරින් ආධාර උපකාර ලබා දිය යුතුයි .ළමයින්ට උගත් කම දීලා ඒගොල්ලොන්ගේ නෙත් පාදනවා කියන්නේ ලොකුම ලොකු පින්කමක්
කණගාටු දායක තත්වයක්
මේ තමයි රාජපක්ෂ දේශපාලනය රටට අත්කර දුන් විනාශය.
බල්ලෝ බළල්ලු වගේ දරුවන්ව ජාතක කරලා මහපාරට ඇදලා දාන්න නම්, මේ අමන සිංහලයෝ හරිම හපන්නු... ඇත්තටම මෙවුන් දරුවෙක් ගැනවත් සානුකම්පිත හැගීමක් නැති තිරිසන් ජාතියක්.
රට පුරා කිසිදා සාදා නිම කල නොහැකි පන්සල් හදනවාට වඩා මේ වගේ ලමයින්ට දායකත්වයක් දිය හැකි නම් එය කොතරම් වටී ද.
ධාන්‍ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා, අරපිරිමැස්මට පුරුදුවෙලා, බිඳලව් දුක සංකා... පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමිතලේ ලංකා...
මිනුවන්ගොඩ ?ලොරි ටෝක් දෙන බොහොම ප්‍රසිද්ධ දේශපාලුවෝ ඉන් පලාතක් නේද?කප්පම් කාරයෝ ..මාරයෝ ..කුඩු රජාලා එක්ක ඩීල් විතරයි ඔය සක්කිලින්ට තියෙන්නේ .කතාව නම් තමන්ගේ මැතිවරණ කොට්ඨාශය සර්ව සම්පූර්ණ ගානට තමා
කලකට පෙර අර නෙළුම් කුළුණු හදපු කාලෙද? නැතිනම් කුමාරවරු ලැම්බෝගිනි කුමාරවරු රේස් පැදපු කාලෙද? නැතිනම් ඒ උත්තමයෝ චන්ද්‍රිකා යවපු කාලෙද? එහෙම නැතිනම් අර්ජුන් මහේන්ද්‍රන්ට කෝටි ගණන් පඩි ගෙවලා රස්සාවකුත් දීලා බැංකුවටත් විදලා යන්න ගිය කාලෙද?
එතකොට අර ළමා ආරක්ෂක දෙපාර්තමේන්තු ,සමාජ සේවා දෙපාර්තමේන්තු අරවා මේවා කියන දෙපාර්තමේන්තු වල උන් බුදිද ?නැතිනම් මොකටද හැම එකාම පොලිසියට කියන්නේ?එක්කෝ ඒ දෙපාර්තමේන්තු වහලා දාන්න ඕන
රනිල්හේ ආශ්චර්ය දෝරේ ගලනවා