IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘෂිකර්මය දියුණු කරන්න බිල් සහ මිලින්ඩා ගේට්ස් ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ.

කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදුකෙරෙන එක් කාර්යයකි.

කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා අදාල දත්ත අමාත්‍යංශය හතකින් ලබාගෙන මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නියමිත ය.

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මඟ⁣ පෙන්වීම ලබා දෙනු ඇත.

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.

 



අදහස් (10)

කෘෂිකර්මය දියුණු කරන්න බිල් සහ මිලින්ඩා ගේට්ස් ගිවිසුමක්

Bamunuarachchi Saturday, 14 October 2023 09:17 AM

හරකා හැරෙන්නේ මොකටද කියා සැකයි. විස්තර සොයාබලා තොරතුරු දෙන්නම්...!

:       9       4

කිරිපුතා Saturday, 14 October 2023 09:35 AM

ලක් පොළොව, ලක් පරිසරය ගැන අධ්‍යනයකින් තොරව යන්නන් වාලේ ඩිජිටල් පස්සේ ගිහින් මේවා කරන අය මැරිලා යයි තව ටික දොහකින්. ඒත් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා තනිකරම රෝගී පරපුරක් රටේ අනාගතයට හිමි වෙයි. පස නිසරු වෙයි. ඊට පස්සේ ගේට්ස්ලා ආධාර දෙනකම් කට ඇරගෙන බලන් ඉන්න වෙයි.

:       4       5

Nilu Saturday, 14 October 2023 09:41 AM

අපෝ ඉවරයි...!

:       4       3

Nimal Saturday, 14 October 2023 01:55 PM

අපේ අයියලා බිල්ගේට්ස්වත් බංකොළොත් කරයිද දන්නේ නෑ...?

:       3       4

ගොවිපුත් Saturday, 14 October 2023 02:47 PM

ඔය මොන මෘදුකාන්ගයකින්වත් කුඹුරු හාන්න, වපුරන්න, ගොයම් කපන්න බැහැනේ. කුඹුරට බහින්නම ඕනේ. දැන් ඉන්න යහරුන් කොල්ලෝ කුඹුරු කොටන්න කැමති නෑ. ඔවුන් කැමැති තනි රෝදෙන් බයික් වලින් ගිහින් පාරේයන අහිංසකයෝ මරන්න, අයිස් බොන්න, බයික්වලින් ඇවිත් වෙඩි තියලා පැනලා යන්න. වයසක කාන්තාවෝ මරලා ඉමි්ටේෂන් රන් භාණ්ඩ කොල්ල කන්න. වගේ දේවල් වලට. අනික දැන් කුඹුරු කොටන කට්ටියට ඔය මෘදුකාංග වලින් වැඩගන්න දැනුමත් අඩුයි. ඒක නිසා ඔය ඩොලර් මිලියන් 250 වියදම කරලා වැව් ටිකයි, ඇලවල් ටිකයි හදලා දුන්නා නම් මිනිස්සු ගොවිතැන් කරයි. නැත්නම් වෙන්නේ ඔය මෘදුකාංගවලින් කුඹුරු කොටන්න ගිහින් අර බිල්ගේට් ලොක්කත් තරහ කරගන්න එකයි. දන්නවානේ අපේ කට්ටියගේ වැඩ. පස්සේ කියයි අපි මෘදුකාංගය ගොවියන්ට දුන්නු ගොවියෝ හාලා නෑ වතුර නැති නිසා කියලා. එතැනින් මිලියන ගාන ඉවරයි.

:       4       10

Indika Saturday, 14 October 2023 05:39 PM

බිල් ගේට්ස්ගේ චින්තනය තමයි ලෝකයේ ජනගහනය වැඩිවීම පාලනය කරන එක.. මිනිහ දැන් ඇමරිකාවේ මිනිස්සු අතරෙත් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි.. මිනිහා අක්කර ගණන් එහෙ ඉඩම් අරන් වගා කරන්න පටන් අරන් ඉන්නේ…. මිනිහා මුළු ලෝකෙම ආහාරවල පාලනය ගන්න හදන්නේ.. මිනිහා ඉස්සර වින්ඩෝස් දුන්නේ නිකන්.. පස්සේ හෙමීට ලයිසන් එක ගෙනාවා.. අපි ක්‍රැක් කළා.. දැන් ක්‍රැක් කරලාවත් ගන්න බැරි තරමට වින්ඩෝස් සිස්ටම් එක ඇවිල්ලා.. මිනිහා දැන් කරන්නේත් ඒ වගේ වැඩක්.. තව අවුරුදු ගාණක් යනකොට අපිට මිනිහා හදන මේ ඇප් එකෙන් වැඩ කරන බෙහෙත් දාන, පැල හිටවන, සිස්ටම් එකට ලයිසන් එකක් ගේනවා.. අන්තිමට ලයිසන් එක ඩොලර් වලින් ගෙවන්න වෙන්නේ…අන්තිමට වෙන්නේ රටේ ඩොලර් ටිකත් මිනිහා ආපහු අරන් යන්නේ.. අපේ මෝඩ නායකයෝ කවදාවත් මේවා හිතන්නේ නෑ...

:       2       11

sarathSaturday, 14 October 2023 06:36 PM

අපි ක්‍රැක් කළා.. දැන් ක්‍රැක් කරලාවත් ගන්න බැරි තරමට වින්ඩෝස් සිස්ටම් එක ඇවිල්ලා ඔබලා වගේ හොරු/ වංචාකරන පුද්ගලයින් සිටිනවිට හැමදේටම සිස්ටම් ගේන්න වෙනවා...!

:       4       5

සමන් Saturday, 14 October 2023 11:32 PM

ගොවිතැනවත් දියුණු කරලා ගන්න මේ අපේ රටේ ඉන්න විද්වතුන්ට බැරිද? අපේ රටේ භූමිය ගැන, බෝග ගැන අවබෝධයක් අපේ අයට තියෙනවානේ... ඒකටත් සුද්දන්ගෙන් උපදෙස් අනුශාසනා ගන්න අපි බෙලහීනයන් වෙන්නේ ඇයි? මහා මුහුදු වගේ වැව් හැදුවේ, පිටරට පවා හාල් යැව්වේ සුද්දෝන්ගේ, පිටරැටියන්ගේ උපදෙස් අනුව නෙමෙයි. පිටරටින් දීපු වන වගාව කරලා පේනවනේ... දැන් ඒවාගෙන් වෙන විපත්තිය...! මේවා තේරෙනකොට අපි සුද්දන්ගේ ගැට වලට අහුවෙලා ඉවරයි. කැකිරි ඇටෙත් පිටරටින් ගෙනත් හදන අපි අන්තිමට ඔවුන්ගේ බෙහෙත් පොහොර නැතිව කැකිරි මලක්වත් එන්නේ නෑ. අපේ දේවල් දියුණු කරලා ගන්න පුළුවන් දවසක අපේ රට වෙනස් වෙයි. හිඟාකන මානසිකත්වයක් තියෙනකන් අපිට හරියන්නේ නෑ. පෙරදිග ධාන්‍යාගාරය ලෝකය වටේ හිඟකනවා. අපේ රටේ පාලකයින්ගේ අවුරුදු හැත්තෑ ගානක පාලනයේ ප්‍රථිඵල...!

:       0       0

City Sunday, 15 October 2023 07:03 AM

තාක්‍ෂණය කාර්යක්ෂමතාව වැඩි කරන අතර දූෂණය අඩු කරයි.

:       0       0

City Sunday, 15 October 2023 07:03 AM

තාක්‍ෂණය කාර්යක්ෂමතාව වැඩි කරන අතර දූෂණය අඩු කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site