
(අංජුල මහික වීරරත්න)
ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ.
කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදුකෙරෙන එක් කාර්යයකි.
කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා අදාල දත්ත අමාත්‍යංශය හතකින් ලබාගෙන මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නියමිත ය.
නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනු ඇත.
මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකා හැරෙන්නේ මොකටද කියා සැකයි. විස්තර සොයාබලා තොරතුරු දෙන්නම්...!
ලක් පොළොව, ලක් පරිසරය ගැන අධ්‍යනයකින් තොරව යන්නන් වාලේ ඩිජිටල් පස්සේ ගිහින් මේවා කරන අය මැරිලා යයි තව ටික දොහකින්. ඒත් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා තනිකරම රෝගී පරපුරක් රටේ අනාගතයට හිමි වෙයි. පස නිසරු වෙයි. ඊට පස්සේ ගේට්ස්ලා ආධාර දෙනකම් කට ඇරගෙන බලන් ඉන්න වෙයි.
අපෝ ඉවරයි...!
අපේ අයියලා බිල්ගේට්ස්වත් බංකොළොත් කරයිද දන්නේ නෑ...?
ඔය මොන මෘදුකාන්ගයකින්වත් කුඹුරු හාන්න, වපුරන්න, ගොයම් කපන්න බැහැනේ. කුඹුරට බහින්නම ඕනේ. දැන් ඉන්න යහරුන් කොල්ලෝ කුඹුරු කොටන්න කැමති නෑ. ඔවුන් කැමැති තනි රෝදෙන් බයික් වලින් ගිහින් පාරේයන අහිංසකයෝ මරන්න, අයිස් බොන්න, බයික්වලින් ඇවිත් වෙඩි තියලා පැනලා යන්න. වයසක කාන්තාවෝ මරලා ඉමි්ටේෂන් රන් භාණ්ඩ කොල්ල කන්න. වගේ දේවල් වලට. අනික දැන් කුඹුරු කොටන කට්ටියට ඔය මෘදුකාංග වලින් වැඩගන්න දැනුමත් අඩුයි. ඒක නිසා ඔය ඩොලර් මිලියන් 250 වියදම කරලා වැව් ටිකයි, ඇලවල් ටිකයි හදලා දුන්නා නම් මිනිස්සු ගොවිතැන් කරයි. නැත්නම් වෙන්නේ ඔය මෘදුකාංගවලින් කුඹුරු කොටන්න ගිහින් අර බිල්ගේට් ලොක්කත් තරහ කරගන්න එකයි. දන්නවානේ අපේ කට්ටියගේ වැඩ. පස්සේ කියයි අපි මෘදුකාංගය ගොවියන්ට දුන්නු ගොවියෝ හාලා නෑ වතුර නැති නිසා කියලා. එතැනින් මිලියන ගාන ඉවරයි.
බිල් ගේට්ස්ගේ චින්තනය තමයි ලෝකයේ ජනගහනය වැඩිවීම පාලනය කරන එක.. මිනිහ දැන් ඇමරිකාවේ මිනිස්සු අතරෙත් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි.. මිනිහා අක්කර ගණන් එහෙ ඉඩම් අරන් වගා කරන්න පටන් අරන් ඉන්නේ…. මිනිහා මුළු ලෝකෙම ආහාරවල පාලනය ගන්න හදන්නේ.. මිනිහා ඉස්සර වින්ඩෝස් දුන්නේ නිකන්.. පස්සේ හෙමීට ලයිසන් එක ගෙනාවා.. අපි ක්‍රැක් කළා.. දැන් ක්‍රැක් කරලාවත් ගන්න බැරි තරමට වින්ඩෝස් සිස්ටම් එක ඇවිල්ලා.. මිනිහා දැන් කරන්නේත් ඒ වගේ වැඩක්.. තව අවුරුදු ගාණක් යනකොට අපිට මිනිහා හදන මේ ඇප් එකෙන් වැඩ කරන බෙහෙත් දාන, පැල හිටවන, සිස්ටම් එකට ලයිසන් එකක් ගේනවා.. අන්තිමට ලයිසන් එක ඩොලර් වලින් ගෙවන්න වෙන්නේ…අන්තිමට වෙන්නේ රටේ ඩොලර් ටිකත් මිනිහා ආපහු අරන් යන්නේ.. අපේ මෝඩ නායකයෝ කවදාවත් මේවා හිතන්නේ නෑ...
තාක්ෂණය කාර්යක්ෂමතාව වැඩි කරන අතර දූෂණය අඩු කරයි.
තාක්‍ෂණය කාර්යක්ෂමතාව වැඩි කරන අතර දූෂණය අඩු කරයි.