
(රෝෂන් තුෂාර)
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා ලබන පස්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
අල්ල සෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කාබනික පොහොර රටට ආනයනය කිරීම සඳහා නිවැරදි නොවන තීන්දු ලබාදීම තුළින් රජයට පාඩු කර දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිට දඬුවම් නැද්ද ?
ඕක නමේ අවුලක්.
කරුණාකරලා, මේ වංචාවට සම්භන්ධ රාජ්‍ය අමතියාවත් අත්අඩංගුවට ගන්න, නිවැරදිව නඩු දාන්න. රටකාපු කාලකන්ණි තක්කඩින්.
දැන් ඉතින් ජිවිත කාලයම විදවන්න සිදු වෙලා තියෙන්නේ, කවුද හිතුවේ මෙහෙම ආණ්ඩුවක් එයි කියලා. ඔය පෝලිම තව දුරයි.
ලේකම්ලා නටන්නේ ඇමතිගේ තාලෙට .අර තොල් බරියාවත් ඇතුලට දාන්න මිනිහා තමයි ඔය ජාවාරමේ .මහා මොලකරු