(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් 2022 වසරේ රුපියල් බිලියන 1.65ක ආදායමක් උපයා තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිපදවන ලද බීජ හා රෝපණ ද්‍රව්‍ය සඳහා ගොවීන් අතර ඉහළ ඉල්ලුමක් පවතින බවද MICH-1, MICH -2 මිරිස් වර්ග දෙක සඳහා ඒ අතුරින් ප්‍රමුඛ බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට රජයේ බීජ නිෂ්පාදන ගොවිපල වල එළවළු කාණ්ඩ 19 ක බීජ නිෂ්පාදනය සිදුකරනු ලබන අතර පසුගිය දශකය පුරාම එළවළු බීජ වාර්ෂික නිෂ්පාදනය ඒකාකාරීව කිලෝ ග්‍රෑම් 8,000-8,500 මට්ටමක පවතින බවත් 2022-2024 තෙවසරේ එම ප්‍රමාණය තවදුරටත් ඉහල නැංවීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2007-2009 වන විට රජයේ බීජ නිෂ්පාදන ගොවිපල වල නිපදවන අර්තාපල් මූලික බීජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 330ක් වූ අතර 2022 වන විට මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 860 ඉක්මවා ගොස් ඇතැයි ද එය ආසන්න වශයෙන් අර්තාපල් බීජ නිෂ්පාදනය සියයට 2.5ක වැඩිවීමක් බව දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික අර්තාපල් බීජ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 12500 ක් වන අතර 2022-2024 වර්ෂය වන විට දෙපාර්තමේන්තුවේ ගොවිපල් මගින් ඍජුවම මෙට්‍රික් ටොන් 1000ක් අපේක්ෂා කරන බවත් එය බීජ අවශ්‍යතාවයෙන් 8%ක ප්‍රමාණයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2022 වසරේ සාමාන්‍ය ගෙවතු සඳහා බීජ කට්ටල ලක්ෂ10 ක් සහ ආයතන සඳහා ලක්ෂ පහක ගෙවතු වගා කට්ටල ලබාදීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
නව ආරක්ෂිත ගෘහ ඉදිකිරීම මඟින් මෙරටට ආනයනය කරන එළවළු බීජ ප්‍රමාණය අඩු කිරීම සඳහා දේශීය දෙමුහුම් එළවළු බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වීම මෙන්ම ගෙවතු බීජ ඇසුරුම් ලක්ෂ 25ක් සකස් කර කෘෂිකර්ම අමාත්‍යාංශය,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය හා වෙනත් රජයේ ආයතන වෙත බෙදා දුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවට අවශ්‍ය වී, එළවලු, අල වර්ග හා පළතුරු බීජ නිපදවා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දුන් උපදෙස් අනුව මේ වැඩපිළිවෙල අරඹා තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිලියන 1.65ක ආදායමක් උපයයි
nalin Monday, 24 July 2023 11:43 AM
ලාභය කුමක්ද?....ආදායම කිසිවක් නොකියයි.....