(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය, අධික වර්ෂාව ආදිය නිසා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නොසිතූ ගැටලු ඇති වූ හෙයින් රසායන පොහොර තහනම ඉවත් කිරීමට රජය තීන්දු කළ ද හරිත ශ්‍රී ලංකාවක් පිළිබඳ තීන්දුව ආපසු හරවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කාබනික පොහොර නොමිලේ දී වස විසෙන් තොර ආහාර ලබාදීමට රජය කටයුතු කරන බව ද අලුත්ගමගේ මහතා පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල් තොරියා පෝර නැතුව කොමිස් ගහන් ගැසට් එකත් රිවස් කලා.....
අන්දරේ සීනි කෑවා වගේ නේද.?
වස විෂ භාවිතයෙන් රට ඉවත් විය යුතුයි. එය ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රියාත්මක කළ යුතුවග උගත් පාඩමින් කියා දුන්නා. හැම දේම දේශපාලන ඇහින් බලන පටු මනසක් සහිත ජනතාවක් ඉන්න රටක පරිස්සමෙන් හොඳ දෙයක් කළ යුතුයි. මේවා බලයේ ඉන්න අයට හොරා කන්න මගක් නොවිය යුතුයි.
දුප්පත් අහින්සක ගොවියා නැත්තටම නැතිවෙනකල් ඉදලා තමයි ස' රිවස් ගියර් එක මේපාර දැම්මේ. බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්නත් පුලුවන් කිව්වේ මේ අහින්සක මිනිස්සුන්ගෙන්ද? කොටින්ට බයේ රට පැන්නට මේ අහින්සකයොන්ට නම් බය නෑ වගේ දැනෙන්න ඇති. ඒත් ඒගොල්ලෝ එකතුවෙලා අන්තිමට පරක්කුවෙලා හරි රිවස් ගියර් එක දාගත්තා.
ගොවීන්ට පිහිට ආරක්ෂාව ලැබේවා.
ඔක්කොටෝම කලින් මේයාට කෘෂිකර්මය කියන්නේ මොකක්ද කියලා කවුරුහරි පොඩ්ඩක් උගන්වනවද.?
ඇමතිතුමෝ හැමදේම රිවස් නේ. මෙහෙමත් නාටක.
එක එක රටවල අසූචිවලට කාබනික පොහොර යැයි කීම වැරදියි. අප රටේ වෙළෙඳපළ සහ මුළුතැන්ගෙයි ඉවතලන දෙයින් කාබනික පොහොර සෑදීමට අවංක උත්සාහයක් ගත්තාද සැකයි. අනෙක යූරියා යනු ඉතාමත් ආරක්ෂිතව භාවිතා කළ හැකි පොහොරක්... උගත්කම, අවංකකම සහ පළපුරුද්ද යන සියල්ල නැතිකොට සංවිධානය අසාර්ථක වීම පුදුමයක් නොවේ...