
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා නම් ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ලබාගත හැකි කන්න දෙක පසුගිය මහ කන්නයත් මෙම යල කන්නයත් වනු ඇතැයි කෘෂිකර්ම වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ වැඩ බාර ගනිමින් අද පැවසීය.
දැන් ලංකාවට අවශ්‍ය සහල් සහ වෙනත් ආහාර අනිවාර්යෙන්ම පිටරටින් ආනයනය කරන්නට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට සහල් හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක අවශ්‍යතාවය පැන නැගී තිබෙන බව කී අමාත්‍යවරයා පසුගිය මහ කන්නයේ මෙන් මෙවර යල කන්නයේ අසාර්ථක වුවහොත් දැවැන්ත ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදුවන බවද සඳහන් කළේය.
බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩ අරඹමින් මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට මොන අනතුරුද, සැප වාහනෙ නොම්ලෙ , ඩ්‍රයිවර් නොමිලෙ තෙල් නොමිලෙ. ඒව ගහන්නෙ අපිනෙ , මුන් දියවන්නාවෙ ආතල් ගන්නව.
ගරු අමාත්‍යතුමණි මේ රට කෘෂිකර්මාන්තය පාදක කර ගත් රටක් වන බැවින් කරුණාකර කෙටි කාලීන හෝ මැදකාලීන සැලැස්මක් යටතේ දේශීයව යූරියා පොහොර නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමටත් අප රට සතුව ඇති වටිනා පොස්පේට් නිධිය මගින් අනෙකුත් පොහොර නිෂ්පාදන වැඩිකිරීමේ පියවරයන් වාහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න මෙවැනි සුභදායී වැඩපිළිවෙල හමුවේ ඇතිවන ආර්ථික දුෂ්කරතාවලට රට වෙනුවෙන් තවදුරටත් ඉවසීමට ජනතාව කටයුතු කරාවි.ඔබට තෙරුවන් සරණින් ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවායි සුභ පතමු.