(රංජිත් රාජපක්ෂ)
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි.
හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබනික පෝට් සිටිය පටන් ගන්නයි යන්නේ...!!!
මොන ලේකම්ලා දැම්මත් ලේකම්ට ඕනැ දේ කරන්න ගියොත් උන්දැ ගෙදර...
අමාත්‍යතුමනි, ඔබ ගෙන ඇත්තේ හොඳ තීරණයක්. විය යුත්තේ මෙය තමයි. අදාල ක්ෂේත්රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති තැනැත්තන් එම තනතුරුවලට පත් කළ යුතුයි. වැඩ බැරි තැනැත්තන් තනතුරුවලට පත්කිරීම හේතුවෙන් මේ රටේ ආයතන පත්ව ඇති ආකාරය පෙනෙන්නට ඇත. සිංගප්පූරුව සංවර්ධනය කිරීමට යොදාගත්තේද ක්ෂේත්රයන් සම්බන්ධයෙන් දැනුමක් සහිත උගතුන් අදාල ස්ථානයන්ට යෙදවීමයි. පමාවී හෝ අපිත් දැන්වත් හරි දේට යොමු වෙමු. ඔබතුමාට ජය ශ්‍රී !
මහාචාර්ය තුමා කඩ යන කෙනෙක්ද? එසේ නොවේවා!!!!
බුද්ධිමතුන් 100 එක්ක වැඩ කරන්න පුලුවන් ඒත් නූගත්තු එක්ක නම් බැ
ගොඩක් හොඳ තීරණයක්... පරිපාලන සේවයේ කට්ටිය තමන් ලේකම්ලා වෙන්න ඕනෑ කියලා හිතාගෙන හැමදාම තමන්ට වැඩ ගොඩක් සුදුසුකට්ටිය යටකරගෙන හිටියේ... මේ ආණ්ඩුව වැඩකරන්න පුළුවන් කෙනාට තැනදෙන එක ඉතාම අගය කළ යුතුයි. රටට අවශ්‍ය වැඩකරන සහ හැකියාවක් තියෙන අය..
ඔබ හරි පුද්ගලයින් තෝරා තිබෙනවා... ඔබට අපේ ආචාරය..!!!
වයඹ විශ්ව විද්‍යාලයේ "කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා"? මම දන්නා තරමින් නම් විශ්ව විද්‍යාලයකට ඉන්නේ උපකුලපතිවරු එක්කෙනයි. පීඨවල ප්‍රධානියා පීඨාධිපති. අනේ මන්දා...!
ලේකම් නම් වැඩකාරයෙක් වගේ. හැබැයි ඇමතියා ලෝකේ කාලා වතුර බොන පොරක්...
මේ ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරටවත් සුදුසු නෑ..
කෘෂිකර්මේ දන්න කෙනෙක් ඕනෑ නම් පේරාදෙණියෙන් තෝරා ගනිල්ලා. කඩේ යන වහලෙක් ඕනෑ නම් වැඩ බැරි වුණත් නියමයි.
ඇමති මොනවා කිව්වත් එහෙමයි කියන ලේකම් කෙනෙක් අමාත්‍යාංශ වලට වැඩක් නැහැ. හරි දේ කරන බය නැති කෙනෙක් ඕනෑ. කාබනික පොහොර නිෂ්පාදනය හා ඉලක්කගත අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය නම් අවුරුදු පහක් වත් ඕනෑ. බීජ වලින් වෙනස පටන් ගන්න ඕනෑ. ඒ අතර වතුවල යෙදීම සඳහා රසායනික පොහොර කලකට අවශ්‍ය වෙනවා. නැති නම් අස්වැන්න අඩුවීම නිසා නැති කරදරයක් වෙලා රැකියා විරහිත ප්‍රශ්න ගොඩක් එනවා.
හිටපු ලේකම්තුමා ඉතා හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන පුද්ගලයෙක්. කණගාටුයි.
පොහොර හිඟය නිසා දළුවල බර සතියෙන් සතිය අඩුවෙලා. කඩන කුලියවත් ගෙවාගන්න බැරි තත්වයක් උදාවෙන්න ඉටන් අරන්.. ඉදිරියට තේ පිටරටින් ගෙන්වන්න වෙනවා. මේ මනුස්සයාට එකවර හැදුණු පිස්සුව මොකක්ද? පොහොර තිබුණා නම් ලොක්ඩවුන් අස්සේ වගාවක් වත් කරගන්න තිබුණා... දැන් බැහැ.
දැන් කාබනික පොහොර ගැන කතාකරන මහාචාර්යවරු මෙතෙක් මේ ගැන කතා නොකළේ මන්ද?
දෙවියෝ පය නොගහන තැන්වල දේශපාලන යක්කු හිටි පිනුම් ගහනවා... රට නම් කවදාවත් ගොඩ එන්නේ නැහැ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වුණ පමණින් අමාත්‍යාංශයක ලේකම් වෙනන බැහැ
ශුද්‍ර ජීවින් නැති කාබනික පොහොර වගේ තමයි පීඨයකට උපකුලපතිලා ඉන්න බව දැනගත්තේ අද...
ලේකම් වරයෙක්ගේ කාර්ය භාරය දෑන් ඉන්න ඇමතිලා තියා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වත් දන්නේ නැද්ද කොහේද? කාබනික පොහොර විෂය පිළිබඳ ඕනෑතරම් අමාත්‍යාංශ තියෙන ආයතනවල ඉන්නවනේ. ලේකම්වරයා අදාල විෂය පිළිබඳ වගේම දක්ෂ පරිපාලකයෙක් විය යුතුයි....
ගොවියාට නිසි වෙලාවට පොහොර ටික දෙන්න බැරි වැඩ බැරි ටාසන්... අනික කාබනික පොහොරවලට එක රැයකින් මාරු වෙන්න බැහැ කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දෙයියනේ.. අනික මේ කොරෝනා වසංගතේ අස්සේ සාගින්නකුත් ආවාම මරු... පොහොර බෙදුවේ නැත්තේ ගොවියාව කුඹුරෙන් ඉවත් කරන්න කියලා තමයි මටනම් හැඟීම..