
(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක සහන ණයක් ලබා දීමේ වැඩසටහන අදාළව කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු සමඟ අද (1) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ගිවිසුම් ගත විය.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම වැඩසටහනින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
ව්‍යසායකයාට ඊළඟ පියවර සඳහා යාමේදී මූල්‍ය ගැටළුවක් ඇති වේ නම් ඊට අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සැපයිය හැකි බව ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සහන ණය යෝජනා ක්‍රමයේදී අය කරනු ලබන සියයට හතරක පොළිය පරිපාලන වියදම් සඳහා පමණක් අය කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත්වරු ද මීට සහභාගී වූහ.
ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.එම්.එන්. ජීවන්ත, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.එන්.බී.එම්.ඩබ්. නාරායන , ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්.ටී.එස්. කුමාර මහත්වරු ගිවිසුම් ගතවීමට සහභාගී වූහ.



2025 දෙසැම්බර් මස 04
638
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
435
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෘෂි අමාත්‍යංශය බැංකු 03ක් එක්ක ගිවිසුමකට එයි