(ඩයනා උදයංගනී)
ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය හැම එන්නතකින්ම වගේ මිලියන ගණන් මුලින්ම ඇනවුම් කරලා රටේ තැන්පත් කරලා තියාගත් අතර, එරට වෙසෙන අයට ෆයිසර් එන්නත විදින නිසා කලින් ලබාගත් එන්නත් මේ වනවිට වෙනත් වියට්නාමයට, තායිවානයට ප්රදානය කර ඇත.
කළින් ලංකාදීපයේ නිවුස් එකකට මම ලියපු ප්‍රතිචාරය කියවලා වගේ.. සතුටුයි.
මෙහෙම රටකට තමයි අපේ පාලකයින් පිටුපෑවේ. සහනදායී කොන්දේසි යටතේ යෝජණා වුණු මාලබේ-කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරලා අපේ පාලකයින් ජපානය ප්‍රතික්ෂේප කළ හැටි නම් හරිම අදුරදර්ශී වැඩක්...
අපිත් සමග ඉන්න අපේ මිතුරන්... දැන්වත් ඔවුන් හා එක්වෙමු. මකරාගේ මාර උගුලෙන් බේරෙමු.. අපි නායකයින්ට බල කර සිටිමු. වහාම තම වාසිය උදෙසා රටට මේ කරගෙන යන නස්පැත්තිය නවත්වන ලෙස...
ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන්..!
ජපානය කියන්නේ හොඳ මිතුරෙක්...!!!
මේවා නිකන් ෂෝ... සිරිසේන හිටියා නම් මිට වඩා හොඳට කරලා ඇති.
ලංකාවට දැන් තියෙන එකම ප්රශ්නය එන්නත් ගන්න එකද? නැතිනම් රට ඇරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන එකද?
ඔය එන්නත් නෑ කියලා කවුරුවත් මැරෙන්නෙත් නෑ. කොරෝනා නැතිවෙන්නෙත් නෑ. ණය ගත්තා කියලා පිටරටින් කියන විදිහට නටන්න එපා.
ජනාධිපතිතුමනි, රටේ ජනතාවට අවශ්‍ය එන්නත් මිලට ගැනීමට හැකි වහාම තානාපති කාර්යාල වල විනිවිද පෙනෙන අරමුදලක් පිහිටෙව්වොත් ඉක්මණින්ම එන්නත් විශාල ප්‍රමාණයක් මිලට ගැනීමට මුදල් සපයා ගැනීමට හැකිවේවි... හැබැයි ඒ මුදල් එන්නත සඳහා පමණක්ම යෙදවීමට වගබලා ගත යුතුය. මෙය සතියක් ඇතුළත කළ හැකි දෙයක්..
අර කවුද හාදයෙක් තානාපතිවරු ගෙන්වලා විස්කි පාටියක් දාලා එන්නත් ඉල්ලුවලු නේද? ලැබුනේ නැද්ද? දැන් වැල්වල ලබු නැහැ.. තිබුණා නම් ලැබෙයි..