IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝවිල කඩා කාලි පිළිමයේ ඇස් දෙකත් ගලවන් යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

උඩප්පුව ශ්‍රී විරපද්‍ර කාලි අම්මාන් කෝවිලට (14) අලුයම ඇතුළු වී ඇති සොරෙකු කෝවිලේ අමතර දොරක ඉබි යතුරු කඩා ඇතුළු වි රුපියල් ලක්ෂ 25කට අධික රන් මාල හා පඩුරු පෙට්ටිය තුළ වු  විශාල මුදලක් රැගෙන පලා ගොස් ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

මෙසේ සොරා ගෙන ඇත්තේ කාලි දෙවියන්ට බැතිමතුන් පුජා කර ගෙලට දමා තිබු රන් පවුම් 12 කට අධික රන් මාල තොගයක් හා රනින් සකසා තිබු කාලි දෙවියන්ගේ නේත්‍රා දෙක බව කියයි.

එයට අමතරව බැතිමන් විසින් පඩුරු දැමු පඩුරු පෙට්ටිය ද කඩා එහි තිබු විශාල මුදලක් මෙසේ සොරා ගෙන ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි හෙළිව තිබේ.

පොලිසිය පවසන්නේ මුහුණ ආවරණය කරමින් පැමිනි සොරෙකු කාලි කෝවිලේ එක් පසක තිබු කුඩා දොරටුවේ ඉබි යතුරු කඩා කෝවිලට ඇතුළු වන දර්ශණ සි.සි.ටි.වී කැමරාවල සටහන් ව ඇති බවයි.

මෙම සොරකමත් සමග කාලි කෝවිලට ලැදි බැතිමතුන් බරපතල තැති ගැනිමකට ලක්වි ඇති බවද පැවසෙයි.

මෙම සොරකම පිළිබදව උඩප්පුව පොලිසියට අමතරව පොලිස් ඇගිලි සලකුණු නිළධාරින් හා පොලිස් ස්ථානිය අපරාධ පරික්ෂණ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.



අදහස් (3)

කෝවිල කඩා කාලි පිළිමයේ ඇස් දෙකත් ගලවන් යයි

Dhammika Wickramasingha Friday, 14 July 2023 03:17 PM

දැන් ඔබට හොරාට නමස්කාර කිරීම ආරම්භ කළ හැකිය. ඔහු කාලි අම්මාන්ට වඩා බලවත් ය

:       4       28

ගමේ එකාලා Friday, 14 July 2023 07:45 PM

කාලිමෑණියන්ගේ සාපය වැඩිකල් යන්ඩ ඉස්සර වෙලා ලැබෙයි .

:       0       0

එමි එමි Saturday, 15 July 2023 08:09 AM

ඔන්න ඔිකයි තත්වෙ දෙවියන්ට මිනිස්සු වටිනා දේවල් පුජා කරනව නමුත් කිසිම වටිනාකමක් නැහැ මොකද දෙවියන්ට මොකටද ඔවිව දෙවියන්ට හැම දෙයක්ම තියනව අපට වඩා අපේ මෝඩ හරක්ට එවිව තේරෙන්නෙ නැහැ ඔවිව ඇත්ත නමි ඒ වෙලාවෙම හොරාට දඩුවමි කරන්න තිබුනනෙ ගිනි පාගනව නැති බොරැ දේවල් කරනව දෙවියන් අදහන එක වෙනම දෙයක් නමුත් ඔය වටිනා කියන දේවල් පුජා කරන එක බොරැ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site