(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වන බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
තමන් මෙම අවස්ථාවේදී වැඩි කාලයක් වැය කරන්නේ ප‍්‍රහාරවලින් විපතට පත් ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් බැවින් තේරීම් කාරක සභාව වෙනුවෙන් කාලය වැය කිරීම ගැටලූවක් බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
තේරීම් කාරක සභාවෙන් ඉවත්වුවත් එයට දිය යුතු අදහස් හා එහිදී නැගිය යුතු ප‍්‍රශ්න ලිඛිතව ඒ වෙත ලබාදීමට තමන් කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
මෙම තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පත්කර ඇති අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශු මාරසිරංහ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න යන මහත්වරුන් පත්කරනු ලැබ ඇත.
ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර මෙහි විපක්‍ෂය නියෝජනය කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්දිරන් මන්ත‍්‍රීවරයා පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට බදියුදීන් දාන්න තිබ්බේ !!!
අනේ මහත්තයෝ, ඔබතුමා එක තැනක පොහොට්ටුවට බනිනවා තේරීම් කාරක සභාවට එන්නේ නැහැ කියලා. දැන් ඔබතුමාත් ඒකෙන් කර අරිනවනේ. (දෙපැත්තම බේරා ගන්න එපැයි නේද)
හරිම කැත වැඩක්... තමන්ගේ පක්‍ෂය තමන්ගේ ආණ්ඩුව පත්කරන තේරීම් කාරක සභාවෙන් මග අරින එක මුළු පාක්ෂික ජනතාවම පාවාදීමක්...