(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික ධූරයෙන් අද(24) ඉල්ලා අස් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා වෙනුවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න සහ කලුතර දිස්ත්‍රික් (ජවිපෙ) මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් පත් කර තිබේ.
කතානායක කරූ ජයසූරිය මහතා අද(24) එම අමාත්‍යවරුන් විශේෂ කාරක සභාවට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ඊයේ(23) පත්කෙරුණු මෙම විශේෂ කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 8ක් ව තිබූ අතර අද සිදුකළ සංශෝධනය අනුව නව සාමාජික සංඛ්‍යාව 9කි.
ඉකුත් පාස්කු ඉරිදා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා.. අරාජිතයාව දැක්ක කල්... මොකද නොදන්නා ලෙඩට දුකට බේත්හේත් ගන්නවත් ගියාද සිංගප්පූර්වලට ..?
කවින්දට තියන කොන්ද ජෙප්පන්ට නැති හැටි... විජේවීර හිටියා නම් ලැජ්ජාවේ මැරෙන්නේ..ලැජ්ජාවේ.
මීට වඩා හොඳ නැද්ද අබුසාලී, බදියුදීන්, හරි අනික් ගොයියා පත් කළානම්... ඔවුන් ත්‍රස්තයින්ට විරුද්ධව වචනයක් හෝ කතාකරාවි. රාජිතව පත් කරනවා නම් විමල් වීරවංස මහතාවත් පත්කළ යුතුයි. විමල්ට බෝක්කු කටවල් බ්ලොක් කරන්න පුළුවන්.
ජවිපෙ තරම් කිචවෙච්ච පක්ෂයක් තවත් නැහැ.. ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකගේ පුතා ත්‍රස්තවාදියෙක්.. ජාතික ලැයිස්තු අපේක්ෂකගේ ව්‍යාපාරෙන් සාලි ගිහින් තියෙන්නේ ත්‍රස්තයින්ට.. ඔහු ලංකාවේ අංක එකේ, හොර ව්‍යාපාරිකයෙක්... ගම්මිරිස් ගෙනත් හොරෙන් ලංකාවේ ඒවා සමග කවලම් කර ප්‍රති අපනයනය කළා.. ඒ ගැන කිසිම දෙයක් ජවිපෙ කිව්වද? දැන් හදිස්සියේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවා.. එතකොට ආණ්ඩුවට බදුර්දීන්ට විරුද්ධ වෙන්න බැහැ.. මොකද මුස්ලිම් අැමතිලගේ ඡන්ද ඕනේ වෙනවා ආණ්ඩුව රැකගන්න. මේ වගේ දේවල් තමයි ජවිපෙ කරන්නේ දැන්.. කොහොම ප්‍රතිපත්තියක් තිබුණු පක්ෂයක්ද අද මේ තත්වෙට පත් වුනේ..
ත්‍රස්තවාදී කැළෑ හොරු වෙනුවෙන් ගම්මිරිස් හොරු ඉදිරිපත් වෙනවා කියන්නේ ඕවට තමයි.
නරින්ට කුකුල් කොටුව බාරදුන්නා වගේ තියේවි... කාරක සභාව...!!!
ඔයිට වඩා හොඳයි බදුර්ධීන්, අසාද් සාලි ඔය කොමිටියට දැම්මානම්.