IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොවිඩ් රෝගීන්ට නිවෙස්වල ප්‍රතිකාර අද සිට ඇරඹේ

(සුජිත් හේවාජුලිගේ)

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ.

එම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූයේ බස්නාහිර පළාතේ පමණකි.

මේ වැඩ පිළිවෙල යටතේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවුරුදු දෙකේ සිට වයස අවුරුදු 65 දක්වා පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීම කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රජය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග රෝහල් ධාරිතාව ඉක්මවා යෑම සැලකිල්ලට ගෙනය.

පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කිරීමට නිර්දේශ කෙරෙනු ඇත .

අනතුරුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ කෙරෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව රෝගියා වෛද්‍ය අධීක්ෂණය යටතට ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම කටයුතු පසුව පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරක‍්ථන අංකය හරහා සම්බන්ධීකරණය කෙරෙන බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

 



අදහස් (9)

කොවිඩ් රෝගීන්ට නිවෙස්වල ප්‍රතිකාර අද සිට ඇරඹේ

සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 August 2021 12:34 PM

දැන් එහෙනම් රෝහල් ලෙඩුන්ගෙන් පීරී ඉතිරී ගිහිල්ලා ගෙදර තියාගෙනම කෝවිඩ් වලට බෙහෙත් කරන මට්ටමටම රට පත්වුණා. අනේ අම්මෝ .. කෝ එදා එන්නත දැන්ම අවශ්‍ය නැහැ කියලා පාර්ලිමේන්තුවේ මහා මොළකාරයෙකු ලෙස හසිරුණු වාසු.මේසන් බාස්ට හීනෙන් මළගිය පෙරේතයකු කිව්වා කියන පැනියේ එල්ලිලා මහා ප්‍රසිද්ධියක් ලබාදීලා එන්නත ලබා දීම උවමනාවෙන්ම ප්‍රමාද කරපු නිසා නේද මේ අවාසනාවන්ත තත්ත්වය මේ රටට ඇතිවුණේ.අද ඒවා අමතක යි.එදා රටම කියද්දී මිනිසුන්ට එන්නත ලබාදී තිබුණා නම්,ඔවුන්ගේ ඇඟේ මේ වෙනකොට ප්‍රතිශක්තිය ඇතිවෙලා.නීතියෙන් බේරුණත්,මේ අකාලයේ නැතිවූ මනුෂ්‍ය ජීවිත වලට වගකිවයුතු අයට පාපයෙන් බේරීමට බැහැ.එය ගොන්නු පසුපස එන රියසක සේ ඒකාන්තයෙන්ම එනවා එනවාමයි.

:       0       147

Vithana Monday, 09 August 2021 12:44 PM

ස්පිරිතාල පිරෙන්න කලින් කල යුතුව තිබූ දෙයක්. එහෙම උනා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරාගත හැකිව තිබුනා. මීට අමතරව දැන්වත් ඇඳිරි නීතිය දාන්න අඩු ගානේ සතියකටවත්. බොරු සංචරණ සීමා දැමිල්ලෙන් වැඩක් නෑ. කාලය නාස්ති නොකර වහාම බුද්ධිමත් තීරණ ගන්න.

:       0       54

දාස Monday, 09 August 2021 01:52 PM

අනේ ගෙදර ඉන්න මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිටයි. ඔන්න සියල්ල දත් විරුවගේ වැඩ....!!

:       0       10

මහසෙන් Monday, 09 August 2021 02:07 PM

දැඩි මතධාරී තීරණ අරන් වැඩේ අලවුණාම දැන් ඒකත් ජනතාව පිට දාලා මේ විදියට ඒ වගකීම. මිනිස්සුන්ට පැටෙව්වාම හරි. මේවා කරන්න තිබ්බේ ඉස්සර... දවසකට මියයන ගාන 98 තිබ්බාම හිතන්නේ මිනිස්සු පිළිගන්නවා කියලාද?

:       0       11

LOKU Monday, 09 August 2021 03:44 PM

මගේ යාළුවෙක් ඉන්නවා කටුනේරියේ... එයාලාට කොරෝනා හැදුණා. නමුත් දැන් දවස් 3ක් වෙනවා කිසිම පීඑච්අයි කෙනෙක් කතාකරලා නෑ...

:       1       1

fairoos Monday, 09 August 2021 06:41 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... ඒක කියන්න කවුරුත් නැහැ.

:       6       10

Sri Lanka Monday, 09 August 2021 09:49 PM

ඕක තමයි දේශීය වෙද මහත්වරු මුලදීම කිව්වේ කොරෝනා කියන්නේ හෙම්බිරිස්සාවක්... ඉඟුරු, කොත්තමල්ලි බොන්න කියලා ගෙදරට වෙලා... දැන්ද අපේ වෙදකම තේරුණේ? වැඩක් නෑ.. කෝටි කීයක් විනාශ කළාද? බටහිර බෙහෙත්වලට... කෝ ඉවර කළාද?

:       0       0

Lalith Tuesday, 10 August 2021 04:36 AM

දැන් මුන්ට ලෙඩ්ඩු ගෙවල්වල තියලා වෙදකම් කරන්න පුළුවන්. ඒ දවස්වල රට ඉදලා රස්සාව නැතිවෙලා ආපු මිනිසුන් හෝටල්වල දාලා ගසා කාලා දැන් ලෙඩ්ඩු ගෙවල්වල තියනවා .ඒ මිනිසුන් පීසී ආර් කරලා ගෙදර කොරන්ටයින් කරන්න තිබුනා. අහින්සක මිනිසුන් ගේ මුදල් ගජ මිතුරන් ගේ හෝටල් වලට හම්බකරගන්න දුන්නා

:       0       0

Deepani Kumarasiri Wednesday, 11 August 2021 10:50 AM

හොඳයි තමා නමුත් පී.එච්.අයි මහත්වරුන්ටත් අසීමිත ලෙස වැඩ නිසා ගෙදර ඉන්න ලෙඩ්ඩු ගැන ඒ ලෙඩ්ඩුන්ගෙ අයිතිකාරයින් විදියට අපිට බයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site