(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් රෝගීන් වාර්තාවීම සියයට 50කින් පමණ පහත බැස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
එසේම කොවිඩ් වැළඳුණු පිරිස් රෝහල් ගතවීමද සියයට 25කින් පමණ පහත බැස ඇති බව පැවසූ වෛද්‍යවරයා ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද සියයට 30කින් පමණ අඩුවී ඇතැයි ප්‍රකාශ කළේය.
කොවිඩ් මරණ සංඛ්‍යාවද පහට අඩු සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි අන්වර් හම්දානි මහතා පැවසූවේය.
මුළු දිවයිනෙන්ම දිනකට වාර්තාවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 300ත් 350ත් අතර සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇති බවත් සමස්ත රෝගීන්ගෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නේ 2700ක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇඳවල් 11400ක් සූදානම් කර ඇති අතර එම ඇඳවල්වලින් රෝගීන් සිටින්නේ සියයට 23ක පමණක් බවද කොවිඩ් සම්බන්ධීකාරකවරයා කීවේය.
කොවිඩ් එන්නත්කරණයේ සාර්ථක භාවය නිසා මෙම ප්‍රතිඵල ලැබී තිබෙන බව පැවසු වෛද්‍යවරයා පළමු එන්නත් මාත්‍රාව සියයට අනු හයක්ද දෙවැනි එන්නත් මාත්‍රාව සියයට අසූ එකක්ද තෙවැනි එන්නත් මාත්‍රාව සියයට පනස් තුනක්ද ලබාගෙන ඇතැයි සඳහන් කළේය .
සෞඛ්‍ය මාර්ගෝපදේශ බොහෝ දෙනා හරියාකාරව පිළිපැදීමද කොවිඩ් පැතිරීම අඩු කර ගැනීමට බෙහෙවින් ඉවහල්වූ බවත් කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා අඩු තරමින් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවත් ඔහු පැවැසීය.
අනෙක් සෞඛ්‍ය නීති පිළිපැදීම කෙසේ වෙතත් බොහෝ දෙනා මුව ආවරණ පැළඳීම ඉතා හොඳින් සිදු කළ බව තමා සතුටින් ප්‍රකාශ කරන්නේ යැයි හම්දානි මහතා වැඩිදුරටත් කීවේය.
වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීම
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දු
විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොවිඩ් රෝගීන් ගැන අලුත්ම වාර්තාව