( තිළිණි ද සිල්වා )
සංචාරකයින්ට නිල වශයෙන් රට විවෘත වූ දින සිට මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 21,915 දෙනකු පමණක් බවත් ,ඉන් සංචාරකයින් 220 දෙනකුට කොරෝනා ආසාදිතවූ බවට හඳුනාගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එබැවින් විපක්ෂය ප්‍රමුඛ ඇතැම් පිරිස් කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
කෝවිඩ් ආසාදිත සංචාරකයින් 220 දෙනා ගෙන් 150 දෙනොකු මේ වන විට සුව වී සිය රට බලා ගොස් ඇති අතර සෙසු පිරිස සෞඛ්‍ය අංශ වල දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා කීය.
මෙතෙක් කොවිඩ් අසාදීත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 220 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවූ බවත් , සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියවලිය ජෛව විද්‍යාත්මක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් සමාජයට නිරාවරණය නොවූ බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයින් නොවෙයි හේතුව....!!!
කෝවිඩ් නෙවෙයි, වෙන ඕනෙ එකක් පැතිරුණාවේ.. සංචාරකයින් ගෙනාවේම නම් නතර කරන්න එපා...
මෙයාට ගහපු එන්නත වැරැදිලාද මන්දා අනේ... මත්තල ගුවන් තොටුපලට ආපු අය හින්දා තමයි රට වෙනස් වූයේ... ආවානේ විදේශිකයින් ගොඩක්...
අපොයි ඔව්.කොරෝනා මේ රටේ ජනතාව ළඟ තිබිලා තමයි බෝ වුනේ... පිට රටවල් වලින් ආසාධිතයින් ගෙනාවා. ඒ තුළින් වෛරසය මෙරටට ආවා. ඒ දිනවල කිව්වේ මේ කෝවිඩ් සමාජගත වෙනවාද කියා සොයා බලන බවයි...
මේක දිවයිනක්. කාටවුණත් අැතුල්වෙන්න පුලුවන්. වරායෙන්, ගුවන් තොටුපලින් විතරයි. එහෙම තියෙද්දී මේ රට කෑවේ ඔයාලා ඇමැතිතුමෝ... තවත් බයිලා කියවන්න එපා... දෙයියන්ගේ නාමෙට දැන්වත් මෝඩ තකතීරු බයිලා නොකියා ඉන්නවද?
එහෙනම් ඇයි අනිත් රටවල් සංචාරක තහනම් දාලා තියෙන්නේ... ඒ වගේම සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපොළවල් විවෘත කරන්නේ නැත්තේ ඒකයි..
ඔව්, සැබෑ සංචාරකයන් නොවේ. තව ගෙන්නමුද?
කොරෝනා පැතිර ගියේ සංචාරකයන් නිසා නෙමේ .ඒක හරි .නමුත් ලංකාවට කොරෝනා ආවේ සංචාරකයන් නිසාය.
ඇයි කොරෝනා අහසින් වැටිලා බෝ වුණා කියලා හිතුවාද? සංචාරකයින් වේවා, අපේ රටේ මිනිස්සු වේවා, පිටරටවල ඉඳන් ඇවිත් තමා මෙහෙ බෝ වුනේ. හැමෝටම සමානව තද නිරෝධායන ක්‍රමවේදයක් තිබ්බා නම් පිටරට ඉඳන් එන අයගෙන් අපිට බෝ වෙන්නේ නැ. ඔහෙලගේ එක එක අයට එක එක සැලකිලිනේ. මේ රටට කෙල වෙලා තියෙන්නේ එ්ක තමයි...
ඒක ඇත්ත සංචාරකයන් නොවෙයි .සංචාරකයන් ගෙනාව වෛරසය හින්දයි කෝවිඩ් පැතිරුනේ
ගම්පහෙන් පාර්ලිමේන්තු යන්නේ මාර හරක්
ඔබ හරි කොවිඩ් පැතිරෙන්න හේතුව ඔබත් ඇතුළු දේශපාලකයන් ගන්න වැරදි තීරණ මිසක් සංචාරකයෝ නොවේ
"ගලේ පහරපු බළල් තඩියා" හත් පොලේ ගාගෙන රටටම ඇහෙන්න ඥාව්,ඥාව් කියමින් බෙරිහන් දෙනවා.
ඔව් .කොරෝනා මේ රටේනේ තිබුනේ. පිටරටවලින් නෙවෙයි ආවේ .මේ වගේ රට ගොන්නු යවලා තමා රට විනාශ උනේ.
කෝවිඩ් එන්නේ ගඟට දාපු මුට්ටියෙන් වෙන්ඩැ.සාමාන්‍ය දැනීම බින්දුවයි.
මෝඩ පාලකයින් තමයි හේතුව...
මේ වගේ කප්පම් ඇමතිලාට ගල් ගහලා එළවන්න ඕනෑ... මේ අයට ඡන්දෙ දීපු අය දැන්වත් පාඩමක් ඉගෙන ගෙන තියෙනවද දන්නේ නැහැ. පේන්නේ නැද්ද තඩි බඩකුත් තියාගෙන අර පිස්සත් එක්ක එකතු වෙලා මේ රට වනසන හැටි... මේ අයට ඕනෑ සල්ලි විතරයි. මහජනතාවට මොනවා වුණත් කමක් නැහැ..
මාළුවා නහින්නේ උගේ කට නිසාය
මොකෝ නැත්තේ? වසංගතය පැතිරෙන්නේ රට ඇතුලේ ඉන්න අපේම සංචාරකයින් නිසා... එ්කයි තමන් විහින් ලෝක ඩවුන් වෙන්න කියන්නේ....
හේතු අතරින් එක් හේතුවක් පමණි.