IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් ආසාදිත මවකට මවුකිරි දිය හැකිද?

(පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ :මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා)

මවු කිරි ස්වභාව ධර්මයේ විශිෂ්ඨ දායාදයකි. එය මනුෂ්‍ය වර්ගයාටම පමණක් පොදු වූවක් නොවන අතර සියලුම සත්ව කොට්ඨාස ලබන වරප්‍රසාදයක් ද වේ. රටේ වසංගත තත්ත්වයක් පැතිර යාම හෝ රට ආපදා තත්ත්වයකට ගොදුරු වී ඇති අවස්ථාවක මවකට නිදහසේ තම දරුවාට මවු කිරි ලබා දීමේ ඉඩ ප්‍රස්ථා ඇහිරී යා හැකිය. එනම් මවු කිරි ලබා දීමේ කාර්යයට බාධා ගෙනදිය හැකියි. මෙහිදී ආධුනික මවකට තම පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්ය.

වසංගත තත්ත්වයකදී මවු කිරෙහි වැදගත්කම

කොවිඩ් -19 වසංගතය පැතිර යන මෙවන් වකවානුවකදී බිළිඳුන්ට මවු කිරි තරම් ප්‍රබල වෙනත් ප්‍රතිශක්තිජනක ආහාරයක් තවත් නැත. ලෙඩ රෝගවලට එරෙහිව සටන් කිරීමට හැකි ඉහළ ප්‍රතිශක්තියක් මවු කිරිවල ස්වභාවයෙන්ම අන්තර්ගතයි. එබැවින් ඔබේ බිළින්දා මුල් මාස 06පෝෂණය විය යුත්තේ මවු කිරෙනි. මවු කිරෙහි ජලයද ඇතුළත්ව ඇති නිසා බිළිඳාට අමතරව ජලය පෙවීමේ අවශ්‍යතාවක් නොමැත.

මවු කිරි දීම ප්‍රවර්ධනය කිරීම

ඉහතින් සඳහන් කළ කවර ආපදා තත්ත්වයකදී වුව මවකට නිදහසේ තම බිළිඳාට මවු කිරි ලබා දීම සඳහා ප්‍රථමයෙන් තම පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහාය මහත් අස්වැසිල්ලකි. ඊට අමතරව ප්‍රජාවක් වශයෙන්ද ඇයට හිමි සහාය ලබා දීමට පසුබට නොවන්න.

එමෙන්ම විශේෂයෙන් පැවසිය යුතු කරුණක් තිබේ. වසංගත හෝ ආපදා තත්ත්වයකදී බාහිර පිරිස් විසින් ගර්භණී මවුරු හෝ අලුත උපන් දරුවන් සිටින මවුවරු උදෙසා ආධාර බෙදා දේ. එම ආධාර ද්‍රව්‍ය අතරට ළදරු කිරි පිටි, කිරි බෝතල්, සූප්පු යනාදියද ඇතුළත් කරනු දැකිය හැකියි. මවු කිරි ලබා දීම ප්‍රවර්ධනය කිරීමේදී මෙවන් ද්‍රව්‍ය මගින් මවු කිරි ලබා දීමේ කාර්යයට බලපෑමක් මිස අනුබලයක් බලාපොරොත්තු විය නොහැකිය.

එමෙන්ම රටේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ඇය මේ වනවිට මානසික ආතතියෙන් පෙළීමටද පුලුවනි. එබැවින් මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා සියලුම දෙනාගේ සහාය ඇය වෙත ලැබිය යුතුමය.

කොවිඩ් ආසාධිත මවකට මවු කිරි ලබා දිය හැකිද?

කොවිඩ් ආසාදිත මවකට තම බිළිඳාට මවු කිරි ලබා දිය හැකිද යන්න කෙනෙකුට ගැටලුවක් මතු විය හැකියි. ඒත් තමන්ට කොවිඩ් ආසාදනය වීම මවු කිරි ලබා දීමට කිසිඳු ගැටලුවක් නොවේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූල වෙමින් එබඳු මවක් සුරැකිව තම බිළිඳාට මවු කිරි ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මව රෝහල් ගතව සිටින අවදියෙහි පවා රෝහල් කාර්ය මණ්ඩලය සියලුම උපදෙස් ලබා දේ.

එසේම මව නිවසට ගියද සමහර විට ඇය නිරෝධායන කාල සීමාවක සිටින මවක් විය හැකියි. දින 14ඉක්ම ගිය පසුව වුවද මව අදාල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පැමිණ උපදෙස් ලබා දෙනු ඇත. නිරෝධායන කාල සීමාව අවසන්ව නොතිබියදී පවා මවකට මවුකිරි ගැන හෝ බිළිඳා ගැන කවර හෝ ගැටලුවක් ඇත්නම් දුරකතන මාර්ගයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා සම්බන්ධ වීමට පුලුවන.

මවට කොවිඩ් ආසාදිත වූවද කිසිඳු ලෙසකින්වත් බිළිඳාවත් මවවත් වෙන් කර තැබීමක් සිදු නොවේ.

වසංගත තත්ත්වය රට පුරාම වෙළා ගත් මෙවැනි කාලයක බිළිඳාගේ නිරෝගීතාව සේම ප්‍රතිශක්තිය ගැන ඔබ උනන්දු වනවා නම් මුල් මාස 06 යනතුරු මවුකිරි ලබා දීමට සෑම මවක්ම උනන්දු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

කොවිඩ් ආසාදිත මවකට මවුකිරි දිය හැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 808 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 932 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site