(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන අවසර පත හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වූ බවත් එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට ඩොලර් අර්බුදයකට ලක්ව සිටි අවස්ථාව කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් ලැබුණු වාසිය හේතුවෙන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් යෙදවීමට හැකි වූ බව කියන ඛනිජ තෙල් සංස්ථාව එය හදුන්වාදී වසරක් සම්පූර්ණ වන විට වාහන ලක්‍ෂ 65 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
QR කේතය ඉන්ධන සීමාව ඉහළ දැම්මත්, කේතය අහෝසි කරත් භාවිතය වැඩි වෙන්නේ නෑ... කොහොමත් අඩුවෙනවා. කන්නවත් නැතුව ඉන්න ජනතාව ගමන් බිමන් 50%න් අඩුකරලා තියෙන්නේ... ගොඩාක් අය පෞද්ගලික වාහන ගෙදර තියලා යන්නේ...!
ඉස්සර රුපියල් 7000ට ෆුල් ටෑන්ක් ගැහුවා. දැන් ඕනෙ 17000ක් විතර... QR නැති කළා කියලා සල්ලි නැහැ තෙල් ගහන්න. ඒත් ලංකාවේ තෙල් එක ලක්ෂයට ගියත් ගහන අය ඉන්නවා. හැබැයි බහුතරය යන්නේ හොම්බෙන්... තෙල් ගහනවා තියා වාහනේ සර්විස් කරගන්නවත් බැහැ.
QR එකට තෙල් නිකන් දෙන්නෙ නෑනෙ බොල. පාන් කියා ගන්න බැරුව ඉන්න මිනිස්සු තෙල් ගහගෙන රෝන්දේ යනවා කියලනේ හිතන්නේ...
අර මෝඩ උද්දච්ච ඇමැතියාගේ උපදෙස් අනුව කළ ප්‍රකාශයක් වෙන්න ඇති. ඌ දන්නේ නැහැ qr බම්බුව නිසා නොවෙයි ඉන්ධන මිල රටේ ජනතාවට දරා ගන්න බැරි නිසා පරිභෝජනය අඩුවෙලා කියලා...
ඒක තමයි වෙන්න ඕනේ.