(ඉන්දිකා රාමනායක)
මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේ දී ඉකුත් මාර්තු (9) දින සිදු වු සිද්ධිය සහ අරලියගහ මන්දිරය , ගාලුමුවදොර යන ප්‍රදේශවල ඉකුත් (9) දින ඇති කලහාකාරී සිද්ධීන් මැඩලීම සඳහා ත්‍රිවධ හමුදාවේ යම් අතපසුවමක් සිදුවී ඇති ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .
මෙම සිද්ධීන් ඇතිවීම වැළැක්වීම වැලැක්වීම සහ මැඩලීමේ කටයුතුවල දී ත්‍රිවිධ හමුදාව අපොහොසත් වු බවට සමාජය තුළ මතයක් පැතිර ගොස් ඇති අතර ත්‍රිවිද හමුදාව තුළින් කිසි අතපසු වීමක් සිදු වී ඇති ද යන්න විමර්ශනය සඳහා ජනාධිපතිවරයා මෙම ත්‍රි පුද්ගල කමිටුව පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නෙ එදා හමුදාව ගත් ක්‍රියාමාර්ය හරි....මොකද හමුදාව ඉන්නෙ රටක් ආරආරක්ශා කිරීමට මිසක් රටක අභ්‍යන්තර දේවල් වලට මැදිහත් වෙන්න නෙමේ....විශේශයෙන්ම රටක දේශපාලජයින් ආරක්ශවට හමුදාව කොහෙත්ම යෙදවිය යුතු නෑ... ඒක හින්ද කමිටු හදන්න ඕනෙ හමුදාව ගැන හොයන්න නෙමේ, මේ රට මේ තත්ත්වයට පත කල හොර තක්කඩි දේශපාලකයො ගැන හොයන්න.....
ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල නැතිබව අපි නම් දන්නවා. සමාජය තුළ ඇතිවන මතවලට වුවමනා විදිහට වැඩකළොත් තවත් රතුපස්වල සිද්ධියක් ඇතිවෙනවා... කියලත් අපි දන්නවා.
සමාජය තුළ නම් එහෙම හමුදාවට චෝදනාවක් නෑ. රජයේ මැතිඇමැතිවරුන්ට අවශ්‍ය හමුදාවත්, පොලීසිය වගේ දේශපාලකයින්ට වන්දිභට්ටකම් කරන පිරිසක් කරන්න. ඒක එහෙම නොවෙන එකට චෝදනාවක් තියෙනවා. ගෝඨාභයත් නමට හරි හමුදාවේ හිටියා නේද? කරුණාකර ඒ ගෞරවය ආරක්ෂා කරන්න.
මේ කරලියට එන්නේ තවත් එක් නාට්‍යයක් පමණයි.
හමුදාව ගැන මොනවා හොයන්නද? අරලියගහ මන්දිරයේ සිට සංවිධානය කරනු ලැබූ ම්ලේච්ඡ ක්‍රියාව නිසයි සියලු දේ සිදුවුණේ. ඒ දේ සිදුකළ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මැරයින් කණ්ඩායම වෙනුවෙන් පරීක්ෂණ සිදුකිරීම වැදගත්. විය යුත්තේ එයයි...