(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම හා කලාවැව අවට ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (06) කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ වනවිට කලාවැවෙන් කලාඔයට මුදා හැරෙන ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 1971 ක් පමණ වේ. දඹුළු ඔය හා වෙනත් මුලාශ‍්‍රයන් මගින් මේ වනවිට කලාවැවට එක්වෙමින් පවතින ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 5251 ක් පමණ වන බවත් මේ වන විට කලාවැවේ ජලධාරිතාවය අක්කර අඩි 93000 ඉක්මවා ඇති බවත් කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලයේ ප‍්‍රකාශකයකු පැවැසීය.
අවශ්‍ය වෙතොත් එම දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් කලා ඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින්නැයි එම ප‍්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය.
මේ අතර දඹුළු ඔය ජලාශයේ ජලධාරිතාවයද මේ වනවිට අක්කර අඩි 8800ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි මුළු ජලධාරිතාවය අක්කර අඩි 9500කි.
ඒ අනුව එඹුළු ඔය ජලාශයේ ද හදිසි වාන් දොරටු තුනක් මේ වනවිට විවෘත කර තිබේ. ඉන් දෙකක් අඩි එක හමාරක් බැගින් ද අනෙක් දොරටුව අඩි එකක් ද වනසේ විවෘත කර තිබේ.
එමගින් මේ වනවිට දඹුළු ඔයට මුදා හැරෙන ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 1985ක් වන බව දඹුළු ඔය කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ ප‍්‍රකාශකයකු පැවැසීය.
කලාවැව
දඹුළු ඔය ජලාශය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කලාවැවේ - දඹුළු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරේ
rehan Wednesday, 07 November 2018 04:09 AM
මෙසේ පිටව යන අතිරික්ත ජලය එක්රැස් කර ගැනීමට කටයුතු කලොත් නරකද?