IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොල්ලකෑම්-අපරාධ වලට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී කොල්ලකෑම් ඇතුලු අපරාධ ගණනාවකටම සම්බන්ධ බව කියන අපරාධ කරුවන් දෙදෙනෙකු , ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය  කියයි.

සංචරණ නීති කඩකරමින් සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට දොරණාගොඩ ප්‍රදේශවාසීන් විසින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකට අනුව මොවුන් අත් අඩංගුවට ගෙන  තිබේ.

ඔවුන් පරීක්‍ෂා කිරීමේදී අයෙකුගේ යට ඇදුම තුළ සඟවාගෙන සිටි මෙරට නිශ්පාදිත ටී කටස් නමින් හදුන්වන ගිනි අවියක් සහ ටී 56 ප්‍රමාණයේ උණ්ඩ කිහිපයක් තිබී සොයා ගැනීමට හැකිවූ බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය. 

මොවුන් වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදෙනෙකු වන බවත් මින් අයෙකු ගෙවල් බිදුම් ඇතුලු අපරාධ අටක් සම්බන්ධයෙන් පල්ලෙතැන්න රක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටියදී ඉන් පළාවිත් සිටින වරෙන්තු අටක් පිට සිටින්නෙකු බවත් අනාවරණය වී ඇත. 

අනෙකාද අපරාධ හතකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් මොවුන් බදුල්ල , අනුරාධපුර,  දික්වැල්ල , කුලියාපිටිය ඇතුලු විවිධ ප්‍රදේශයන්හිදී ගෙවල් බිදුම් ඇතුලු අපරාධ සිදු කොට ඇති බවත් හෙලිව ඇති බවත් පොලීසිය පවසයි. 

මොවුන් දෙදෙනා බන්ධනාගාරගතව සිටි කාලය තුල දැන හැදිනගත් අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හි කොල්ලකෑම් ආදිය සිදුකොට ඇති බවද අනාවරණය වී ඇති අතර මොවුන්ට ගම්පහ ප්‍රදේශයේ අපරාධ සිදු කිරීම සදහා සහයෝගය ලබා දෙන පිරිස් සිටීද යන්න සොයා බැලීම සිදු කරන බවත් උප පොලිස් පරීක්ෂක බිනුර රණසිංහ මහතා සදහන් කළේය. 

 

 



අදහස් (1)

කොල්ලකෑම්-අපරාධ වලට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට

anula Saturday, 29 May 2021 05:27 AM

අපරාධ 7-8ක් කළා නම් මොනවටද මේ අය එළියට දැම්මේ..? ඔය අය අවුරුදු 20කට හිරේ දාන්න ඕනෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site