කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩුකේ මහතා ඝාතනය කිරීමට සැලසුම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙනිසියුලානු ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි.
එරට විදේශ කටයුතු ඇමැති කාලොස් හෝම්ස් මහතා පවසනුයේ ජනාධිපති ඉවාන් ඩුකේ මහතා ඉලක්ක කර ගනිමින් ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ පිළිබඳ සැළසුම් ඇති බවට විශ්වාසනිය ආරංචි මාර්ග තිබු බවයි.
මේ සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට යුද අවි සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මාස කිහිප තුළ කොලොම්බියාව සහ වෙනිසියුලාවෙහි පවතින මත ගැටුම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සඳහන් වේ.
වෙනිසියුලාවේ පැවැති දරුණු ආර්ථික අර්බුධයත් සමඟ මිලියන ගණනක් පලා ගොස් ඇති අතර ඉන් බොහෝ පිරිසක් සංක්‍රමණිකයින් ලෙස කොලොම්බියාවට පැමිණ තිබේ.
රටේ දූෂණ වංචා නැවැත්වීමටත්, දිළිඳු බව නැති කිරීමටත් දායකවන බව පවසමින් රටේ බහුතර අභිමතයෙන් කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉවාන් ඩුකේ ඉකුත් අගෝස්තු මාසයේදී තේරිපත්විය.
(බී බී සී ඇසුරෙනි)
(36698)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොලොම්බියානු ජනපති ඝාතන කුමන්ත්‍රණයට වෙනිසියුලානු ජාතිකයින් 3ක් අත්අඩංගුවට