(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 27 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කය හඹාගිය බී - ලව් කැන්ඩි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 130 ක් පමණි.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.
බාබර් අසාම් පන්දු 52 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත්තේය. කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 157 (බාබර් අසාම් 59, පැතුම් නිස්සංක 15, නුවනිඳු ප්‍රනාන්දු 28, ඉසුරු උදාන 39/3, මොහොමඩ් හස්නන් 27/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 130 (ඇන්ජලෝ මැතිව්ස් 25, කමිඳු මෙන්ඩිස් 15, සෆ්රාස් අහ්මඩ් නොදැවී 16, ජෙෆ්රි වැන්ඩසේ 32/2, නසීම් ෂා 19/2, මතීෂ පතිරණ 24/3, මොහොමඩ් නවාස් 18/1)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කලම්බු ස්ට්‍රයිකර්ස් පළමු ජය ලබයි