(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද (7) පැවැති දිනයේ පළමු තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පරාජය කිරීමට සමත් වූහ.
ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිටි කලම්බු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තුන් වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
බාබර් අසාම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 104 ක් රැස් කරමින් කලම්බු පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
පළමුව පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් පිල වෙනුවෙන් ටිම් ශීෆට් පන්දු 35 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමට සමත්විය.
ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 3 ට 188 (ලසිත් කෘස්පුල්ලේ 36, ෂෙවෝන් ඩැනියල් 49, භානුක රාජපක්‍ෂ 30, ටිම් ශීෆට් නොදැවී 54, රමේෂ් මෙන්ඩිස් 33/1, නසීම් ෂා 36/1, ලක්ෂාන් සඳකැන් 29/1) කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 19.5 කදී කඩුලු 3 ට 189 (පැතුම් නිස්සංක 54, බාබර් අසාම් 104, මොහොමඩ් නවාස් නොදැවී 14, තබ්රේස් ශම්සි 27/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd