
(නිමල කොඩිතුවක්කු)
පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බොදාහැරීමේ සේවාවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ටැංකි රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් ඔහු සඳහන් කලේය.
මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ශාන්ත සිල්වා මහතා පැවසීය.
කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වලට පෙට්රල් බෙදාහැරීමේ කටයුතු උපරිම ධාරිතාවකින් යුතුව අද (23) දිනයේ සිදුකළ බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මිනිසුන් නම් ඉවසීමෙන් දරාගෙන ඉන්නවා. හැම තැනකම ඉන්නවා පක්ෂ බදාගත්තු සහ නොවැදගත් විදිහට ජීවත්වන අය. එයාලා තමයි අසංවර සහ නීති විරෝධී ලෙස හැසිරෙන්නේ...
රටේ ජනාධිපති බංකරේක හැංගිලා ඉන්න නිසා වැදගත් තීන්දු තීරණ ගන්නේ වෘත්තීය සමිති නායකයින්... මහ ලොකු රට රකින විරුවා... අද බංකරෙන් එළියට බැහැගන්න බැරුව ඉන්නවා.
මේ සංවරකමෙන් පේනවා 9 දා සිදුවුනේ මොකක්ද කියලා...