IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කලබල එපා: ‘වඳුරු උණ’ ‘කොවිඩ්’ වගේ නොවෙයි

අප්‍රිකා රටවලින් ආරම්භ වී, සෙසු රටවලට ව්‍යාප්තවීමට පටන්ගත් ‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘කොවිඩ් 19’ වයිරසයට සමාන කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුරෝපා කලාපයේ ප්‍රධානී හාන්ස් ක්ලූජ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. 

‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘කොවිඩ් 19’ වයිරසය තරම් බිහිසුණු එකක් නොවන බවත්, ‘එම් පොක්ස්’ ගෝලීය වසංගත තත්ත්වයක් ඇතිවීමට ඉඩක් නොමැති බවත් එය පාලනය කර ගැනීම පහසු බවත් හාන්ස් ක්ලූජ් වැඩි දුරටත් පවසා ඇත.

‘එම් පොක්ස්’ වයිරසයේ සුලමුල සහ එය ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට හොඳ පැහැදිලි අවබෝධයක් ඇති බවත්, වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස, එන්නත් ලබා දීම සිදු කරන බවත් හාන්ස් ක්ලූජ් පැහැදිලි පෙන්වා දී තිබේ.

‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘වඳුරු පැපොල’ යන නමින් ද හැඳින්වෙයි. වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන එන්නත්, පැපොල රෝගය වැළැක්වීමට ලබා දෙන ඔසුවට සමානය.

කෙසේ නමුත්, මේ වනවිට ලොවට තර්ජනයක් වෙමින්, අප්‍රිකා රටවලත්, ලොව සෙසු රටවලත් ව්‍යාප්තවීමට පටන් ගෙන ඇත්තේ ‘එම් පොක්ස්’ වයිරසයේ, ‘1බී’ නමින් හඳුනා ගත් නව ප්‍රභේදයයි. මෙම නව ප්‍රභේදය පළමුවෙන් හඳුනාගත්තේ අප්‍රිකා රටවලිනි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

කලබල එපා: ‘වඳුරු උණ’ ‘කොවිඩ්’ වගේ නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1532 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site