
(රෝෂන් තුෂාර)
සුරේන්ද්ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කර තිබු බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකක දී තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණුවෙල මහතා බොරැල්ල පොලිසියට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අදාළ දුරකථන සමාගම් මගින් විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝග නිකුත් කළේය.
තර්ජනාත්මක දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පුද්ගලික මල්ශාලාව කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන බොරැල්ල පොලිසිය මගින් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd