(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල බත්ගොඩ දී අද (11 ) අලුයම පාසල් එමින් සිටී දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පැන්නීමෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විදුහලට එමින් සිටි සිසුන් පස් දෙනෙකි.
එම සිසුන් වයස අවුරුදු 10 සහ11 වියේ පසුවන අය බවද පොලිසිය කියයි.
බත්ගොඩ මංසන්ධියේ සිට විදුහලට පාගමනින් එමින් සිටියදී පුද්ගලයෙකු විසින් දක්කාගෙන ආ මීහරක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇති බවද පොලිසිය කියයි.
තුවාල ලැබූ දරුවන් ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී හරක් කරන්නෙම මී හරක් වැඩමයි..