(රොමේෂ් මධූෂංක)
කිලිනොච්චිය පලෙයි තම්බකාමම් ප්රදේශයේ පිහිටි නිවසකට ඊයේ (18) දින කිසියම් පිරිසක් විසින් පෙට්රල් බෝම්බ ප්රහරයක් එල්ල කොට පලා ගොස් ඇතයි පලෙයි පොලීසිය පැවසීය.
පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ලවන අවස්ථාවේදී නිවැසියන් කිසිවෙකුත් සිට නොමැති හෙයින් පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ල කලේ කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වූ බවටද පොලීසිය පැවසීය.
පෙට්රල් බෝම්බ ප්රහරය එල්ල වීම හේතුවෙන් නිවසේ සුලු දේපල හානි පමණක් සිදුව ඇති අතරම කිසියම් පිරිසක් විසින් පෞද්ගලික හේතුවක් මත මෙලෙස ප්රහරය එල්ල කොට පලා යන්නට ඇති බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd