(අංජුල මහික වීරරත්න)
“ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13) ආරම්භ කෙරිණි.
“හදවතින් යාපනයට - Clean Voyage of Unity ”තේමාව යටතේ අද සිට අගෝස්තු 20 දක්වා පැවැත්වෙන වැඩසටහන යටතේ කොළඹ සිට යාපනය බලා අද (13) පෙ.ව 6.40ට ගමන් ඇරඹූ යාල් දේවි දුම්රියෙහි ගමන් වාරය අතරතුර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
එහි සමාරම්භක අවස්ථාව අද (13) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත් වුණු අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතාද එම අවස්ථාවට එක් විය.
ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව එම දුම්රියේ ගමන් ගත් මගීන් දැනුවත් කිරිම, පොදු දේපළ ආරක්ෂා කිරීම සහ ඒ පිළිබඳ ආකල්පමය පෙළඹුමක් ඇති කිරීම මෙන්ම, සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණු විය.
සිංහල හා දෙමළ කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සංගීතමය වැඩසටහනක්ද මේ සඳහා එක් කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුවත් කිරීම හොඳයි. නමුත් ඔය බෙදන කොළයත් අරන් එළියට විසි කරන එවුන් ඉන්නවා...
ප්‍රශ්නෙකට තිබෙන්නේ ලංකාවේ බොහෝ නගරවල කැලි කසල දමන භාජන අවශ්‍ය ප්‍රමනෙට නැහැ. තිබුනත් ඒවා නිසි ලෙස ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ , කසල දමන භාජන නිසිලෙස තිබෙනවා නම් මිනිස්සු කසල පාරේ විසි කරන්නේ නැහැ , ඔක්කොටම කලින් ක්ලින් ශ්‍රී ලංකා එක පටන්ගන්න ඕනේ නගර සබහ , ප්‍රාදේශීය සබහ වලින් , අධාල ආයතන වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ නැතිව , රජයේ කාර්යාල වල සිටින සේවක සේවිකාවන් මාස 6 කට වරක් පාරට දමල අත්පත්‍රික බෙදුව කියල ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ
පුද්ගලයකුගේ මනස ක්ලීන් නම්, කිසිම ප්‍රශ්නයක් නෑ ඔක්කොම ක්ලීන්.