IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


“ක්ලීන් ශ්‍රී ලංකා” යාපනේ යයි

(අංජුල මහික වීරරත්න)

“ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය  උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13)  ආරම්භ කෙරිණි.

“හදවතින් යාපනයට - Clean Voyage of Unity ”තේමාව යටතේ අද සිට අගෝස්තු 20 දක්වා පැවැත්වෙන වැඩසටහන යටතේ කොළඹ සිට යාපනය බලා අද (13) පෙ.ව 6.40ට ගමන් ඇරඹූ යාල් දේවි දුම්රියෙහි ගමන් වාරය අතරතුර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

එහි සමාරම්භක අවස්ථාව අද (13) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත් වුණු අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතාද එම අවස්ථාවට එක් විය.

ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව එම දුම්රියේ ගමන් ගත් මගීන් දැනුවත් කිරිම, පොදු දේපළ ආරක්ෂා කිරීම සහ ඒ පිළිබඳ ආකල්පමය පෙළඹුමක් ඇති කිරීම මෙන්ම, සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණු විය.

සිංහල හා දෙමළ කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සංගීතමය වැඩසටහනක්ද මේ සඳහා එක් කර තිබිණි.

 



අදහස් (3)

“ක්ලීන් ශ්‍රී ලංකා” යාපනේ යයි

Rasi Wednesday, 13 August 2025 02:25 PM

දැනුවත් කිරීම හොඳයි. නමුත් ඔය බෙදන කොළයත් අරන් එළියට විසි කරන එවුන් ඉන්නවා...

:       0       7

de silva Thursday, 14 August 2025 07:26 AM

ප්‍රශ්නෙකට තිබෙන්නේ ලංකාවේ බොහෝ නගරවල කැලි කසල දමන භාජන අවශ්‍ය ප්‍රමනෙට නැහැ. තිබුනත් ඒවා නිසි ලෙස ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ , කසල දමන භාජන නිසිලෙස තිබෙනවා නම් මිනිස්සු කසල පාරේ විසි කරන්නේ නැහැ , ඔක්කොටම කලින් ක්ලින් ශ්‍රී ලංකා එක පටන්ගන්න ඕනේ නගර සබහ , ප්‍රාදේශීය සබහ වලින් , අධාල ආයතන වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ නැතිව , රජයේ කාර්යාල වල සිටින සේවක සේවිකාවන් මාස 6 කට වරක් පාරට දමල අත්පත්‍රික බෙදුව කියල ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ

:       0       1

Bunny Preena Thursday, 14 August 2025 09:12 AM

පුද්ගලයකුගේ මනස ක්ලීන් නම්, කිසිම ප්‍රශ්නයක් නෑ ඔක්කොම ක්ලීන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site