
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම නිල රියේ එන්ජිම එකවරම අක්‍රිය වීම සම්බන්ධයෙන් පොලිස් ජීප් රථ අලුත් වැඩියා සිදු කටයුතු සිදු කරන අදාල සමාගම වෙත ගොස් සිදුකළ මූලික පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.
යොදා ඇති ලුණු වර්ගය ආහාර පිසීමට ගන්නා ඒවා නොවන බවත් පොල් ගස් වලට යෙදීමට ගන්නා ලුණු වර්ගයක් බවත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙන බවද එම නිලාරියා සඳහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ස්ථානාධිපති වරුන්ට නිල වාහන හිමිකමක් නැත . පොලිසියේ නිල වාහනයක් හිමි වන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලටය . පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති වාහන රාජකාරි කටයුතු සඳහා ස්ථානාධිපති වරුන්ට භාවිතා කල හැකිය .
මෙහෙම වෙන්නේ කොහොමද? බොනට් එක ඇරලා තෙල් මූඩිය නිවෙනකන් ඉඳලා ගලවලා ඕක කරන්නේ එක්කෝ ගරාජයක, නැත්නම් අමුතු ගමනක් ගිහිං වෙන්න ඕනෑ. මඩ ලුණු තමයි පොල් ගස්වලට දාන්නේ, ඔයිල් වල මිශ්‍ර වුණාම හොඳ ලුණු සහ මඩ ලුණු වෙන්කර ගන්න සෑහෙන දක්ෂකමක් ඇති...
ඔයිල්වල කිව්ල යන්න වෙන්න ඇති.