IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැලණි ගඟෙ කිඹුලෙක් දරුවකු ඇදගෙන ගිහින්

(කේ. බුද්ධික කුමාරසිරි සහ නිහාල් වෙත්තසිංහ)

කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක්  දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ දුන් දරුවා තම මිත්තණිය සමඟ රෙදි සේදීමට සහ දිය නෑම සඳහා අදාල තොටුපළට පැමිණ ඇති බවත් මිත්තණිය රෙදි සෝදන අතරේදී දරුවා ඇයට මීටර් පහක් පමණ දුරින් කැළණි ගඟේ බැස සිටින අතරතු  එක්වරම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කඩුවෙල වැලි වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න පෙරේරා නමැති නව හැවිරිදි පිරිමි දරුවෙකි.

සිද්ධිය සැලවීමත් සමඟ අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ දරුවා කිඹුලාගේ කට මැද සිරකරගෙන කිහිප වරක් ගඟේ ඉහළට පැමිණි බවයි.

 



අදහස් (2)

කැලණි ගඟෙ කිඹුලෙක් දරුවකු ඇදගෙන ගිහින්

චන්දන Wednesday, 17 January 2024 07:34 AM

ඇයි වෙඩි තිබ්බෙ නැත්තෙ? ජීවිතයක් බේරා ගන්න ඒ වැඩේ කරන්න තිබුණ.

:       3       5

Dammi Wednesday, 17 January 2024 01:16 PM

පොලිස්කාරයෝ වෙඩිතිබ්බොත් ළමයාට තමයි වදින්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site