(කේ. බුද්ධික කුමාරසිරි සහ නිහාල් වෙත්තසිංහ)
කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක් දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණ දුන් දරුවා තම මිත්තණිය සමඟ රෙදි සේදීමට සහ දිය නෑම සඳහා අදාල තොටුපළට පැමිණ ඇති බවත් මිත්තණිය රෙදි සෝදන අතරේදී දරුවා ඇයට මීටර් පහක් පමණ දුරින් කැළණි ගඟේ බැස සිටින අතරතු එක්වරම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කඩුවෙල වැලි වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න පෙරේරා නමැති නව හැවිරිදි පිරිමි දරුවෙකි.
සිද්ධිය සැලවීමත් සමඟ අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ දරුවා කිඹුලාගේ කට මැද සිරකරගෙන කිහිප වරක් ගඟේ ඉහළට පැමිණි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වෙඩි තිබ්බෙ නැත්තෙ? ජීවිතයක් බේරා ගන්න ඒ වැඩේ කරන්න තිබුණ.
පොලිස්කාරයෝ වෙඩිතිබ්බොත් ළමයාට තමයි වදින්නේ...!