(සුජිත් හේවාජුලිගේ)
විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා දරුවන් 30,000 ගේ උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ඝනක යන්ත්‍ර විසිපන්දාහක හදිසි අවශ්‍යතාවයක් රටේ පවතින හෙයින් වෙළෙඳ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය මේ සඳහා සෘජුවම මැදිහත්වී මෙම යන්ත්‍ර අවශ්‍ය ප්‍රමාණය ආනයනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් උසස් අධ්‍යාපන හා තාක්ෂණික ආයතන හරහා දරුවන්ට බෙදාහැරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
පසුගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව දරුවන් විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගැනීම් දැනටමත් ආරම්භවී ඇති බවත් මෙම පාඨමාලා අතුරින් කලා හා වෛද්‍ය පාඨමාලා හැරුණවිට අනෙකුත් බොහෝ පාඨමාලා තාක්ෂණය හා ගණිතය පදනම් කරගත් ඒවා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කලමනාකාරණ පාඨමාලා සඳහා දරුවන් 6500ක්ද ඉංජිනේරු පාඨමාලා සඳහා 2400ක්ද භෞතීය විද්‍යාව සඳහා 2400ක්ද පරිඝණක විද්‍යාව සඳහා 800ක්ද ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 1400ක්ද විවිධ තාක්ෂණික ආයතන වලට 15,000 ක්ද බඳවා ගැනෙන බව පැවසූ වලේබොඩ මහතා එම පාඨමාලා හදාරන සියලු දෙනාටම පාහේ අත්‍යාවශ්‍යවන ඉගෙනුම් උපකරණයක්වන ගණක යන්ත්‍රවල (scientific calculator) විශාල හිඟයක් මේ වනවිට නිර්මාණයවී ඇතැයිද පෙන්වාදුන්නේය.
වෙළෙඳපොළේ කිසිම තැනක මෙම විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator) සොයා ගැනීමට නොමැති බැවින් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට විශාල අභියෝගයක් එල්ලවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙවැනිම තත්වයක් ලැප්ටොප් පරිගණක හා ඒවායේ උපාංග සම්බන්ධයෙන්ද නිර්මාණයවී ඇති හෙයින් දුෂ්කර ප්‍රදේශවල ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් මේ ප්‍රශ්නයෙන් මහත් පීඩාවට පත්වී ඇතැයි පෙන්වා දුන් ගාමිණී වලේබොඩ මහතා එම ප්‍රශ්න විසඳීම වෙනුවට විශාල අමාත්‍ය මණ්ඩලයක් පත්කර රටට දරාගත නොහැකි මුදලක් ඔවුන්ගේ නඩත්තුවට වැය කරමින් කරන විජ්ජාව ලැජ්ජාවට කරුණක් බවද ප්‍රකාශ කළේය.
රටේ සාධාරණ ප්‍රශ්න විසඳීම වෙනුවට ජම්බෝ කැබිනෙට්ටු හදමින් රජය රටට හා ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වලේබොඩ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පෙරේදා(8) කරුණු අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති උදේ ඉඳන් රෑ වෙනකන් තාක්ෂණය ගැන ජප කරනකොට ඔහොම වෙනවා.
ඇයි බැරි කැල්කියුලේටර් මෙහෙ නිශ්පාදනය කරන්න? මෙක අවස්තාවක් කරන් මෙ වගෙ නිපයුම් කරන්න උත්සහ කරන්න. අන්න එකයි වෙන්න ඔනෙ.
ළමයි හොඳින් ඉගෙනගෙන හිතන්න පුරුදු වුණොත්, දැනට ඉන්න දේශපාලකයින්ට යන කල...!
නිවස පුස්තකාලයක් වුවත් නින්දේදීත් ටයි - කොට් ඇන්දත් හිස් දේශපාලඥයා අධ්‍යාපනයේ අගය නොදනී. එය කළමනාකරණය ආයෝජනයක් ලෙස නොදකියි...
මොකක්ද ඒ බහුබූත කතාව? අපි ඉගෙන ගත්තේ කැල්කියුලේටර් ළඟ තියාගෙන නොවෙයි. ඒ කාලේ රාජකාරියේදී පවා පාවිච්චිකේ අංක 10 ලඝු ඝනක පොතක්.