IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කලා වැව ළඟ අනවසර කැණීම් හොයන්න පංච පුද්ගල කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ)

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට කර ඇතැයි පැවසෙන අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික  විමර්ශනයක්  පැවැත්වීම සඳහා  පංච පුද්ගල කමිටුවක්  පත් කරනු  ලැබ ඇත.

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ ඇමතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ  ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා කටයුතු කරයි.

මෙම අනවසර කැණීම්   සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී  අධිකාරියේ  කිසියම්  නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබවට සනාථ  වුව හොත්  ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර    ගන්නා බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා  සඳහන් කළේය.



අදහස් (0)

කලා වැව ළඟ අනවසර කැණීම් හොයන්න පංච පුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site