IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කූලි රථ රියදුරු රංගන ශිල්පිනියට අතවරයක් කර පළා ගිහින්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි  ජනප්‍රිය  රංගන ශිල්පිනියකට  පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ රියදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට  පලා ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි

මෙම  රංගන ශිල්පිනියගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා  මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ  දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රී රෝද රථයකට පමණා ඇණවුම් කර තිබේ.

ත්‍රීරෝද රථයෙන් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී එක්වරම පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී   මාර්ගය අසල ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රිරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලට වීත් ඇයට බලහත්කාරකම් කර තිබේ.

එහිදී රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කොට ත්‍රිරෝද  රථයෙන් එලියට පැන කෑ ගසා  අසල්වාසීන්ට පවසනවාත් සමඟම ත්‍රීරෝද  රථයේ රියදුරු රංගන ශිල්පිනිය මහමග අතහැර දමා පලා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධියෙන් පසුව  ත්‍රී රෝද රථය  කොළඹ හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (11)

කූලි රථ රියදුරු රංගන ශිල්පිනියට අතවරයක් කර පළා ගිහින්

මගියා Monday, 08 January 2024 09:51 AM

ඉතින් ඕක කරල තියෙන්නෙ කුලීරථ සැපයීම කරන සමාගමක එකෙක් නම් ඒ සමාගම බ්ලැක්ලිස්ට් කලාම හරිනේ ඒ සමාගම ගැන ජනතාව දැනුවත් කරන්න

:       6       53

PrabathMonday, 08 January 2024 11:08 AM

එක මකුණයි ළමයෝ කන්නේ. ඇයි ඔක්කොම මකුණෝ මරණ්නේ

:       23       9

SachithMonday, 08 January 2024 11:56 AM

යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිවලු..මෙතන රියදුරා එඑ වැඩෙ කරා කියල තියෙන්නෙ මොකටද කුලීරථ සැපයීම කරන සමාගම අල්ලගන්නෙ? එ සමාගමෙන් ඇවිත් මොකුත් කරල නැනෙ.

:       5       23

Chandanie Monday, 08 January 2024 01:12 PM

කුලී රථ සසමාගමෙන් ඇවිත් මොකුත් කරල නැතිවුනාට ඔවුන්ගේ සේවයේ යොදාගෙන තියෙන්නෙ ස්ත්‍රී දූෂකයො නිසා තමයි ඒ ආයතනය බ්ලැක්ලිස්ට් කරන්න ඕන සමාගම සාර්ථක වෙන්න නම් එහි සේවකයොත් යහපත් පුද්ගලයින් වෙන්න ඕන තමුන්ට ඇත්ත තේරුම් ගන්න බැරි තමතමනුත් කරන්නෙ ඒවගේ වැඩ නිසාද

:       8       20

අරවින්ද මොනරවිලMonday, 08 January 2024 06:08 PM

කුලී රථ සමාගමක සේවය ගන්නේ තමන්ට ආරක්ෂාකාරි හා වඩාත් ගූනාත්මක සේවයක් ලබා ගන්න. ඒ නිසා කුලී රථ සපයන සමාගම බැදි සිටිනවා තම සේවාදායකාගේ ඒ අවශ්‍යතාවය සපුරාලන්න. දැන් කාන්තාව අතවරයකට ලක්වෙලා තියෙන්නේ කූලී රථය සැපයු සමාගමේ නියෝජිතයෙක්ගේ අතින්, ඒකට කුලී රථ සමාගම වගකියන්න ඕනා නැහැ කියලා කාටහරි හිතෙනවා නම් එයාගේ ඔලුගෙඩිය ඇතුලේ මොළගෙඩියක් තියෙනවාද.කියලා මුලින්ම හොයලා බලන්න වෙනවා.

:       0       0

d.meegahahene Monday, 08 January 2024 10:19 AM

කුලිය දෙන්න වෙනවට කරපු රගපෑමක් නේන ඇති.

:       26       9

රංබොඩ Monday, 08 January 2024 10:41 AM

ලංකාවෙ තිබෙන සියල කුලී රථ සපයන සමාගම් රංයේ නියාමනයකට පත්කළ යුුතුයි . සියලු රියදුරන් ලියාපදිංචි කර ඔවුන් නීති පද්ධතියකට යටත් කළ යුතුයි . එවැනි පාලනයක් නැති නිසා ඔවුන් අසංවර ලෙස හැසිරෙන අතර සේවා ලබාගන්නා ගැන වගකීමකින් කටයුතු නොකරයි.

:       1       42

අරවින්ද මොනරවිල Monday, 08 January 2024 11:42 AM

වාහනයක ගියත් අනතුරු අඩු නැත රට හතර වට පාරේ බැහැලා යන්න බැහැ මහ දවල් වුව කතකට දැරියන්ට අතවර කරයි ඉද පාසැල් මව් තුරුල යට එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට

:       4       16

ගමේ එකාලා Monday, 08 January 2024 06:05 PM

ඉන්න නිළියෝ කවුරු කවුරුත් හිතාගෙන ඉන්නේ එයාලා හරි ජනප්‍රිය අය කියලා. ඔය කියන කෙනානේ නම දාන්ඩ බැරි ඇයි?

:       0       0

chandima Monday, 08 January 2024 06:32 PM

මේ දවස් වල ඇමතිලා වැඩ නැතුව ඉන්නේ .ඒක නිසා ඇමති කමිටුවක් දාමු මේ වගේ වැඩ පරීක්ෂා කරන්න ?

:       0       0

chandima Monday, 08 January 2024 07:04 PM

කියන විදියට අතවර කරලා තමයි පලා ගිහින් තියෙන්නේ .ඒ කියන්නේ රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කරලා කෑ ගහලා තියෙන්නේ .අතවර කරනකල් නිසොල්මනේ ඉඳලා අතවරයන් කලාට පසුවයි .මෙතන වැඩේ වෙච්ච විදියේ පොඩි අවුලක් තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site