
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ රියදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට පලා ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි
මෙම රංගන ශිල්පිනියගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රී රෝද රථයකට පමණා ඇණවුම් කර තිබේ.
ත්‍රීරෝද රථයෙන් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී එක්වරම පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී මාර්ගය අසල ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රිරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලට වීත් ඇයට බලහත්කාරකම් කර තිබේ.
එහිදී රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කොට ත්‍රිරෝද රථයෙන් එලියට පැන කෑ ගසා අසල්වාසීන්ට පවසනවාත් සමඟම ත්‍රීරෝද රථයේ රියදුරු රංගන ශිල්පිනිය මහමග අතහැර දමා පලා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.
සිද්ධියෙන් පසුව ත්‍රී රෝද රථය කොළඹ හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕක කරල තියෙන්නෙ කුලීරථ සැපයීම කරන සමාගමක එකෙක් නම් ඒ සමාගම බ්ලැක්ලිස්ට් කලාම හරිනේ ඒ සමාගම ගැන ජනතාව දැනුවත් කරන්න
කුලිය දෙන්න වෙනවට කරපු රගපෑමක් නේන ඇති.
ලංකාවෙ තිබෙන සියල කුලී රථ සපයන සමාගම් රංයේ නියාමනයකට පත්කළ යුුතුයි . සියලු රියදුරන් ලියාපදිංචි කර ඔවුන් නීති පද්ධතියකට යටත් කළ යුතුයි . එවැනි පාලනයක් නැති නිසා ඔවුන් අසංවර ලෙස හැසිරෙන අතර සේවා ලබාගන්නා ගැන වගකීමකින් කටයුතු නොකරයි.
වාහනයක ගියත් අනතුරු අඩු නැත රට හතර වට පාරේ බැහැලා යන්න බැහැ මහ දවල් වුව කතකට දැරියන්ට අතවර කරයි ඉද පාසැල් මව් තුරුල යට එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට
ඉන්න නිළියෝ කවුරු කවුරුත් හිතාගෙන ඉන්නේ එයාලා හරි ජනප්‍රිය අය කියලා. ඔය කියන කෙනානේ නම දාන්ඩ බැරි ඇයි?
මේ දවස් වල ඇමතිලා වැඩ නැතුව ඉන්නේ .ඒක නිසා ඇමති කමිටුවක් දාමු මේ වගේ වැඩ පරීක්ෂා කරන්න ?
කියන විදියට අතවර කරලා තමයි පලා ගිහින් තියෙන්නේ .ඒ කියන්නේ රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කරලා කෑ ගහලා තියෙන්නේ .අතවර කරනකල් නිසොල්මනේ ඉඳලා අතවරයන් කලාට පසුවයි .මෙතන වැඩේ වෙච්ච විදියේ පොඩි අවුලක් තියනවා