IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුලී රථ කර්මාන්තයේ වර්ධනයක්

ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් වැඩි වීම හමුවේ වුව ද අපගේ අවධානය මඳකට හෝ වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සේවා සපයන ආයතනයක් වන පීක්මී (PickMe) සමාගම පවසයි.

PickMeහි ප්‍රධාන විධායක නිලධාරි සුල්ෆර් ජිෆ්රි මහතා සඳහන් කරන්නේ, කුමන අඩුපාඩු, හෝ දුෂ්කරතා තිබුණ ද අපගේ ආර්ථිකය සියුම්ව ඉදිරියට ගමන් කළ යුතු බවයි. කුලී රථ සේවා සඳහා ඇති ඉල්ලු‍ම වැඩි වීමත් සමගම, PickMe සමාගම ඔවුන්ගේ රියැදුරු හවුල්කරුවන්ගේ කාර්යක්ෂමතාව සහ සේවා පිරිනැමීම ඉහළ තත්ත්වයේ තබා ගැනීම සඳහා දිරිදීමනා වැඩි කොට ඇත.

ජිෆ්රි මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“මිනිසුන් පෞද්ගලික මෝටර් රථ සහ අධික ලෙස ඉන්ධන වැය වන වාහන භාවිත කිරීම නවත්වා ලාභදායී ප්‍රවාහන මාදිලියකට හුරු වීම වඩාත් සුදුසුයි. අපගේ ජංගම දුරකතන යෙදවුමක් හරහා සපයන කුලී රථ සේවාව මෙයට අනර්ඝ විසඳුමක් වන අතර අප දැනට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ මුහුණ දෙමින් සිටින අර්බුදකාරී තත්ත්වය මැඩලීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇති. තමන්ගේම මෝටර් රථ ප්‍රවාහනය සඳහා භාවිත කිරීම, අනාගතයට නුසුදුසු විකල්පයක් බව සමාගමේ අදහසයි. අද අප මුහුණ දී ඇති ඩොලර් ඌනතාව ගත් කල ප්‍රවාහනය සඳහා පුද්ගල විසඳුම් නොව, සාර්ව ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන ප්‍රජාශීලී විසඳුම් තිබිය යුතුයි.”‍

ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව 2020 සිට 2027 දක්වා 12.3%ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරමින්, 2019 දී ඇමෙරිකන් ඩොලර් බිලියන 69ක් වූ කුලී රථ වෙළෙඳපොළ, 2027 වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 120 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි.



අදහස් (0)

කුලී රථ කර්මාන්තයේ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site