
(තරංග ගුණරත්න)
දැවැන්ත මඩු මත්ස්‍යයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑ හය දහසකට මුදලකට වැලිගම මිරිස්ස ධිවර වරායේදී අලවි කල බව මිරිස්ස ධිවරවරාය කියයි
" සෙහංසා " බහුදින ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මුහුදු සැතපුම් විසිපහක දුරින් ගැඹුරු මුහුදේ දී එලන ලද ධීවර දැලක කිලෝග්‍රෑම් අටසීයක් පමණ බර ඇති මඩු මත්ස්‍යයකු හමුවී ඇත.
අනතුරුව දැඩි පරිශ්‍රමයක් දරමින් එම මත්ස්‍යයා යාත්‍රාව වෙත ගැනීමට කටයුතු සිදු කළ නමුත් එය පහසු කටයුත්තක් වී නැත . අනතුරුව යාත්‍රාවේ ස්කීපීර් රංජිත් අබේසුන්දර මහතා ඇතුළු ධීවරයන් පිරිස එලන ලද දැල සමග එම මත්ස්‍යයා පුරා පැය පහළොවකට අධික කාලයක් තිස්සේ මුහුදේ ඇදගෙන (01 ) උදැසන මිරිස්ස ධීවර වරාය වෙත පැමිණි ගොඩට ගැනීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාව ද එතරම් පහසු කටයුත්තක් නොවී තිබේ. අනතුරුව ජෙ.සි.බි. යන්ත්‍රයක් ආධාරයෙන් ඉහළට ඔසවා එම මත්ස්‍යයා ගොඩබිමට ගෙන තිබේ.
සිදුකළ වෙන්දේසියකදී රුපියල් එක් ලක්ෂ හැත්තෑ හය දහසක මුදලකට වෙන්දේසි වි තිබෙි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මුහුදු සම්පතක් මරාගෙන කෑමට වඩා නැවත මුහුදට මුදාහැරියා නම් හොඳයි නේද?
පව් ඉතිං අහිංසක ජීවිතයක්...!