(ඉන්දිකා  රාමනායක)

 කෙරළ ගංජා කිලෝ 10 ක් ගමන් බෑගයේ අසුරා  බස් රථයකින් යාපනයේ සිට කොළඹ බලා රැගෙන එමින් සිටි නාවික හමුදා සමාජිකයකු  වව්නියාව නගරයේ දී  අද  (14) අලුයම  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරු යාපනයේ සිට  බස් රථයකින් කේරළ ගංජා රැගෙන එන බවට  වව්නියාව  මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  නිලධාරින් යොදා අදාල බස් රථය නවතා පරික්ෂා කිරීමේ දී  සැකකරුගේ සන්තකයේ තිබී මෙම පාර්සල්   අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු  සතුව කිලෝ දෙක බැගින් වු  කේරළ ගංජා පාර්සල් 5 ක් තිබු බව පොලිසිය පවසයි.

සැකකරු  වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

පොලිසිය වෙත බාර දී නොමැති බව මන්නාරම පොලිස් ආරංචි මාර්ග පවසයි.