(අමදෝරු අමරජිව)

නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සැන්ටිබේ මුහුදු තීරයේදි කොරල් වර්ග හදුනා ගැනිමේ හා කොරල් ප්‍රතිශ්ඨාපණය පිළිබද පුහුණු වැඩ මුළුවක් පැවැත්වුණි.

මෙම වැඩමුළුවේ දේශණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා එම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති දේශකයන් සම්පත් දායකත්වය ලබාදෙනු ලැබිය.

ඒ අනුව කොරල්පර වාසස්ථාන හදුනා ගැනිම, කොරල් විශේෂ හදුනා ගැනිම , දියයට කොරල්පර තවන් ඉදිකිරිම, කොරල්පර ප්‍රතිසංස්කරණ හා කොරල් පසු සත්කාරක ක්‍රියාපටිපාටිය පිළිබද න්‍යායාත්මක දැනුමක් ලබා දි ත්‍රිකුණාමලය සැන්ටිබේ මුහුද කේන්ද්‍ර කර ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වුණි.