(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee)මහත්මිය පාර්ලිමේන්තුවේදී කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූවාය.

මෙම අවස්ථාවට  විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා - දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, උප සභාපති අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  අරවින්ද් කුමාර් සහපාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ.සී. අලවතුවල යන මහත්වරුද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය  මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා ද සහභාගි වූහ.