IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුරුමාණම වැරදී කඩුවකින් කොටලා

 (දිලීප් ජයසේකර)

පරණ කෝන්තරයක් මත හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී කාර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (11) පෙරවරුවේ 44 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබිමට උත්සාහ කර එය ව්‍යර්ථවීමෙන් පසු කඩුවකින් කපා කොටා පළාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී සුදු පැහැති සුඛෝපභෝගී වර්ගයේ සුදු පැහැති කාර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු 44 හැවිරිදි රත්නායක මනම්පේරි චමින්ද යන අයට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර ඇත.

ගිණි අවිය ක්‍රියාත්මක නොවීම නිසා සැකකරුවන් ගමන්ගත් කාර් රථයෙන්ම තුවාල කරු හප්පා බිම දමා කඩුවකින් හිස ප්‍රදේශයට පහර දී තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධ සුඛෝපභෝගි වර්ගයේ සුදු පැහැති කාර් රථය ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදි පොලිස් බාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට මුලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

 

 



අදහස් (1)

කුරුමාණම වැරදී කඩුවකින් කොටලා

Bunny Preena Wednesday, 12 July 2023 11:31 AM

සුඛෝපභෝගි රථයෙන් පැමිණ, සුඛෝපභෝගි මැරවරයින් විසින් කරන ලද සුඛෝපභෝගි අපරාධයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site