(දිලීප් ජයසේකර)
පරණ කෝන්තරයක් මත හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී කාර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (11) පෙරවරුවේ 44 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබිමට උත්සාහ කර එය ව්‍යර්ථවීමෙන් පසු කඩුවකින් කපා කොටා පළාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී සුදු පැහැති සුඛෝපභෝගී වර්ගයේ සුදු පැහැති කාර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු 44 හැවිරිදි රත්නායක මනම්පේරි චමින්ද යන අයට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
ගිණි අවිය ක්‍රියාත්මක නොවීම නිසා සැකකරුවන් ගමන්ගත් කාර් රථයෙන්ම තුවාල කරු හප්පා බිම දමා කඩුවකින් හිස ප්‍රදේශයට පහර දී තිබේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සුඛෝපභෝගි වර්ගයේ සුදු පැහැති කාර් රථය ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදි පොලිස් බාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන තිබේ.
තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට මුලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුඛෝපභෝගි රථයෙන් පැමිණ, සුඛෝපභෝගි මැරවරයින් විසින් කරන ලද සුඛෝපභෝගි අපරාධයකි.